මගේ තැන...............................

මගේ තැන...............................

Wednesday, 30 November 2011

අවසන් නෞකාව


අනන්ත සසරේ ආ අප
අනන්තවත් මනු පියසේ  ඉපදෙන්න ඇති
සම්මා සම්බුදුවරුන් නොමැති විට ලොව,
බොහොම අඩුවෙන් ඉපදෙන්න ඇති
සම්බුදුවරුන්  ලොව පහළව සිටින විට,
එනමුදු 
ඒ සම්මා සම්බුදුරදුන් ගැන
හිත නොපැහැදෙන්න ඇති පින් මද කමකට,
නමුත් අද අපට,
ගෞතම බුදු සමිදුන් පහළව උතුම් දම් සක පතුරවා ඇති විට,
මනු ලොවට එන්නට පින තිබුණා,
ඒ නමුදු,
ඒ භාග්‍යවතුන් වහන්සේද,
උතුම් රහතන් වහන්සේලාද පිරිනිවනට වැඩමවා තිබුනද,,,,
ගෞතම බුදුසසුනේ අවසන් කාලයට ළංව තිබෙද්දි......
අපට
ඒ ගෞතම බුදුසමිදුන්ගේ සදහම් පද ඇසුනා
පෙර කල පිනකට,
කළණ මිතුරු උපකාරයෙන්.....
නමුත් සිතන්න,,,,,
දැන් ඇත්තේ ඒ අවසන් නැව පමණි....
එයද දෙන් පිටව යාමටයි සූදානම...
ලැබුනු ක්ෂණය සම්පතක් කරගනිමින්,
ඒ ගෞතම බුදු සසුනේ පිහිට ලබනු වස්,
එගොඩට යාමට,
නගිමු අවසන් නෞකාවට...

Tuesday, 22 November 2011

අනාගතය


තාක්ෂණය දියුණු වේගෙන යද්දි
ඉදිරි අනාගතය ගැන අපට හිතෙන්නේ
බොහෝ සැප පහසුකම් ඇති සුන්දර කාලයක් තියෙවි
කියලා නේද ?
නමුත්,,,,,
මොහොතකට හෝ හිතුවාද ?
සුන්දර සිහිනයක් බදු සොදුරු අනාගතය ගැන
අප කෙරෙහි  මහා කාරුණික වූ
තිලොව ජයගත් ඒ භාග්‍යවතුන්  වහන්සේ වදාළ සදහම් ගැන,
ඉදිරියේ ඇත්තේ අකුසල් වලින් පිරුණු,
කෙලෙසුන්ට වහල්වුණු,
සදහම් නො ඇසෙන,
සමාජයක් බව...
උන්වහන්සේ වදාළේ මහා කරුණාවක්මයි...!
ඉතින් ඒ සම්මා සම්බුදු සමිදුන් වදාළ,
කුරිරු වූ,
ඒ අනාගතය ගැනම අපි සිහින මවමුද ?
නැතිනම්,,,
උතුම් දහම් මග අනුගමනය කොට
සුගතිය වෙත යන්නට පාර සකසා ගනිමුද ?
තිරණය තම තමන් සතුයි නේද...?



http://dhammamedicine.net/sermons/ape-dam-sabhava/

Monday, 21 November 2011

සම්මා සම්බුදු සමිදු







සැබෑ දිවියේ තිබෙන තතු
නොදැනමයි මේ ගමන ආවේ,
ගොයුම් බුදු සමිදු දෙසු
අමා සදහම් පදයි ඇසුවේ,
සැපය ලෙස පමණක්ම
දු‍ටුවෙ දිවි මග අවිදු අදුරේ,
දුකත් තිබෙනා බවට අපහට
කියාදුන්නෙ ඔබ වහන්සේමයි...
සම්මා සම්බුදු සමිදුනේ.....!

Sunday, 20 November 2011

"භාවිතය"

දෙනෙත් තිබුනාට කිම-බැලිය යුතු දේ නොබලත් නම්,
දෙකන් තිබුනාට කිම-ඇසිය යුතු දේ නො අසත් නම්,
මුඛය තිබුනාට කිම-කිව යුත්ත නොදන්නේ නම්,
නුවණ තිබුනාට කිම-මේ හැම හසුරවන්නට නොදත්තේ නම්,,,,

Tuesday, 15 November 2011

පින...


"ඔව් ඇත්තමයි...
බාධකමයි තියෙන්නේ,
බාධා කරන්නමයි බලන්නේ,
අඩියක් තිබ්බොත් 
අඩි දහයක් පස්සට යවන්නටයි
කටයුතු සිද්ද වෙන්නේ...
ඒත්...
පස්සට ගියොත් පරාජයමයි උරුමවන්නේ...
ඒ හින්දා,
පෙරට තැබු පය සවිමත් කරගෙන
ඉදිරියටමයි යන්න ඕනේ...
නැත්නම්,,,
ආපසු යන්න වෙන්නේ අපෙ මහගෙදර වූ
සතර අපායටමයි යන්න වෙන්නේ...
ඒ නිසා... 
ලැබුණු ක්ෂණය අත්නොහැර
අප්‍රමාදිව...
‍රැස් කරන්න ඕනේ 
සැප සලසන පින්මයි... "

සොදුරු පරිසරය


පාලුව තනිකම දැනුනත්,
සැන්දෑවේ,
සොදුරුයිද මොනතරම්
පරිසරයේ............

Monday, 14 November 2011

අලාභය


සතර අපායට වැටෙමින්,
ඒ සතර අපායම නිවහන කරගනිමින්,
ආ... අපට,
කළණ මිතුරන් මුණගැහිලා,
සම්බුදු සමිදුන් වදාළ දහම් අසාගෙන,
සම්බුදු සමිදුන් ගැනත්,
ආර්ය අෂ්ඨාංගික මග ගැනත්,
ඒ උතුම් බුදු පිරිස ගැනත්,
උතුම් නිර්වාණය ගැනත්,
හිත පහදවා ගන්න බැරිවුණොත්
ඒක නම් මහත්වූ අලාභයක්මයි........

Sunday, 13 November 2011

බුදු සමිදාණෙනි.....

ලොව තුල තිබෙන අනතුරු ගැන කියාදෙමින්...
පිය උරුමයෙන් ලද බිම තුල ‍රැදෙමින්...
අනතුරෙන් ගැලවෙන්නට,
මග කියාදෙන්නේ...
ඔබ වහන්සේ පමණකි...
ලොවේ අනුත්තර බුදු සමිදාණෙනි.....
ඉතින් ආයුබෝවන්...........