මගේ තැන...............................

මගේ තැන...............................

Monday 20 January 2014

එකට එක් වී-සුවද විහිඳමු

අතින් අතගෙන
ලඟින් හිදගෙන
පෙමින් දොඩමලු
වෙච්ච කාලය
ගතවෙලා දැන් ගතවෙලා
තවත් දුර අපි
යනෙන ගමනෙදි
අපෙ සෙනෙහස
හඳින් හදකට
යා වෙලා තව යා වෙලා
සිතින් අප දැන්
ටිකෙන් ටික ටික
එක්වෙලා දැන් එක්වෙලා
තවත් දුරකට
අපෙ සෙනෙහස
හදින් හද වෙත
මෝරලා දැන් මෝරලා
සෙනෙහෙ මල්දම්
එකට එක් වී
සුවද විහිඳමු
තු‍ටුවෙලා අපි තු‍ටුවෙලා

Thursday 9 January 2014

ඔබ සොදුරු සේ...

තනිකම පාලුව අතර අතරමංව මා
තනිය ඇවිදින් කරදර කරන සද
ඔබ ඇවිත් තනිය මැකුවා සොදුරු සේ...
වරද ඇවිදින් සිතේ වෙලෙමින්
වරදේ පැටලි යනෙන දා
ඔබ ඇවිත් වරද සැදුවේ සොදුරු සේ....
සිහින අතරෙ සිහින දකිමින්
සිහිනයක පැටලුණු ජිවිතය
නැවුම් සිහිනය ගෙනාවේ ඔබයි සොදුරු සේ....
සඳ නොමැති අමාවක අහස සේ
කිසිත් නොමැතිව අදුරු මනසේ
අදුර මැකුවා සුපුන් සඳ සේ ඔබ විත් සොදුරු සේ....
අරතියෙන් ඇලි පසෙක සිටිනා
කිසිත් නොකරම සිටිය විටෙකදි
රතිය අරගෙන පැමිණියා ඔබ සොදුරු සේ...
එක තැනක නැවති ජිවිතය
පසෙක විසිවුණු බලාපොරොත්තුව
නැවත ‍රැකදුන්නේ ඔබයි සොදුරු සේ....
කිසිත් නොසිතා සිටිය මොහොතේ
ලඟට ඇවිදින් අතගෙන මගම පෙන්වූ
ආලොකයක් වුණා මට ඔබ සොදුරු සේ....
සියල් ලැබදී, සියල් ‍රැකදී, සියල් පෙන්වූ
සිහිනයක දු‍ටු සොදුරු පැතුමන්
අරුත් බර කලේ ඔබයි සොදුරු සේ..... සොදුරු සේ....

Wednesday 8 January 2014

ඒ මහා සෑ බිමේ...

එදා අප මහ මුනි සඳ
රහතුන් පිරිවරා වැඩ සිටි
ඒ මහා සෑ බිමේ.....
ඒ ගොයුම් බුදු හිමිගේ
ද්‍රෝණයක් පමණ ධාතු නිධන් කල
ඒ මහා සෑ බිමේ....
එදා දු‍ටුගැමුණු රාජ අනුග්‍රහයෙන්
විස්කම් දෙවි පුතුගේ සුරතින් තැනු
ඒ මහා සෑ බිමේ....
සක් දෙවිදුන් ප්‍රධාන දෙවියන්ගෙ
මහත් උපකාරයෙන් තැනු
ඒ මහා සෑ බිමේ....
ධාතු නිධානොත්සවයදා
ලක්ෂ ගණන් මහ රහතුන් වැඩහුන්
ඒ මහා සෑ බිමේ....
මහා රහතුන්ගේ පාද ස්පර්ශය නොලැබු
එකදු වැලිකැටයක්වත් නැති තරම් වූ
ඒ මහා සෑ බිමේ...
සිල්වත් මහ සඟරුවන සමගින්
කලණ මිතුරන් මැදට වී
ඒ මහා  සෑ බිමේ...
ඒ භාග්‍යවතුන් වහන්සේගේ
ගුණ සිහිපත් කර කරම
ඒ මහා සෑ බිමේ...
ධාතු වන්දනා කරගෙන
ඒ මුනිදුන් වදාළ මිහිරි දම්
සිහිපත් කර කර මිහිරි සරින්
රෑ එලිවෙනකම් ගායනා කරද්දි
හිත ප්‍රිතියෙන් පිනායන තරම්...
වසර හයකට පස්සේ
ඒ සෑ බිමේ ‍රැය පහන්කරද්දි
දැනුනේ ඒ තථාගතයන් වහන්සේගේ
ඒ සුන්දර උණුසුමේ ඉන්නවා වගේමයි...


Monday 6 January 2014

යමුද අප සැප ලබන මගකින්....

සරණ කරගෙන සිටිය යුතුකල
සරණ අතහැර යන්නේ කොයිබද
සරණ නැත අන් තැනක කිසිවිට
සරණ පමණයි තෙරුවන් ලඟදි ඇත්තේ

තෙරුවනේ ගුණ සුවඳ දැනගෙන
තෙරුවන කෙරේ නැමි වසමින්
ටිකෙන් ටික හරි මගම හුරු කර
යමුද අප සැම නැවුම් සැපතට

අනේ අප මුනිදු මුවගින්
එදා වදහල දහම අසමින්
සුගති මග දෙසට හැරෙමින්
යමුද අප සැප ලබන මගකින්