මගේ තැන...............................

මගේ තැන...............................

Monday 18 August 2014

මගේ නමින් ඔබේ නෙතින් කදුලක් ගැලුවා මතකයි.....

මගේ නමින් ඔබේ නෙතින් කදුලක් ගැලුවා මතකයි
මගේ වදන් රලූ වූ දා හඳ දුක් වී ඔබ හැඩුවා මතකයි
මගෙ දුකින් ඔබේ නෙතට කදුලැලි පිරුණා මතකයි
මගේ නොවන ආදරයද ඔබ මා ලඟ උන්නා මතකයි

අහඹු ලෙසින් හමු උනත් එදා අප
අහඹු නොවී ලං වුනානේ මතකෙට
දුරක යන්න බැරි වෙලානේ අප හට
ලඟම හිදිමු හැමදා හැකි විලසට

මගේ ලඟම හිඳි මගේ නොවන ඔබ
හැරයනු නොකියනු කිවා මතකද
ලංකර ගන්නට බැරිමුත් මට ඔබ
ඈත්ව ඉන්නට බෑනේ කිසිදින

Saturday 16 August 2014

සඳ සේ අහසට-සොදුරුයි ම'හඳට

වැව් දිය සිඳිලා
සිත මගේ බිඳිලා
ඈ. දුර ඇඳිලා
තනිකම දැනිලා

වැසි දිය වැ‍ටුණා
වැව් දිය පිරුණා
සිත මගෙ හැදුණා
ඈ ලඟ ‍රැදුණා
සෙනෙහස දැනුණා

තනිකම මකලා
සිත මගේ හදලා
සෙනෙහස පුදලා
මා වෙත ‍රැඳිලා

තුරුලට ඇදිලා
සෙවණක ‍රැදිලා
පෙම් සුව දැනිලා
ඈ වෙත ඇදිලා

සඳ සේ අහසට
සොදුරුයි ම'හඳට
සඳමයි ඔබ මට
දිලෙනා සැම විට

නොදනෙමි අනුහස
පතුරමි මදහස
පුදනෙමි සෙනෙහස
‍රැකගමි පණ ලෙස

Saturday 2 August 2014

දිනක යළි හමුවෙවී

නොසිතු මොහොතක හමුවුණා
නොසිතු ලෙසකට ලංවුණා
හඳින් හඳකට යා වුණා
ලඟින් ඉන්නට සිත්වුණා

දිනක යළි හමුවෙවී
නෙතින් නෙත පැටලෙවී
ලඟින් හිඳ දුරයාවී
හිතෙන් මං තනිවේවී

මතක අතරට ඔබ ඒවී
දුකින් හද උණුසුම් වෙවී
ඔබව විතරක් සිහිවේවී
නෙතින් කදුලැලි උතුරාවී