මගේ තැන...............................

මගේ තැන...............................

Monday 22 December 2014

පිරුණා පිරුණා ආදරේ දෙ සිතට

සෙනෙහස පිරි ඔබ ලඟ
උණුසුම දැනි දැනි
හස‍රැල් කදුලැල් මැද
දොඩමලු වුවා මතකද

සියුමැලි අතැඟිලි
සුරතින් අල්වා
නිමක් නැති ආදරයක්
මුල පිරුණා මතකද

නොදැනිම නොදැනිම
අපටත් නොදැනිම
ආදරයක් ඇවිදින්
සිත පිරුණා මතකද

දමා යන්නට බැහැ ඔබ මට
සිතා ගන්නට බැහැ මෙය මට
මෙතරම් ආදරයක්  කොහි සිට
පිරුණා පිරුණා ආදරේ දෙ සිතට

Saturday 20 December 2014

ඔබට හිමි වෙන් නෑ ඉතින්

ලඟින් ඉන්නට බැරි කමින්
දුරින් ඉන්නම් ඔබ  නමින්
දුරස් වනු බෑ මතකයෙන්
සඳා ‍රැදිලා ඔබ සිතින්

වෙනතකට ‍රැදිලා මා ඉතින්
ඔබට හිමි වෙන් නෑ ඉතින්
දිවිය ඇති තෙක් මිතු දමින්
හිදිමූ මේ ලෙස සෙනෙහසින්

සසරෙ යළි හමු වෙන පැතුම්
පසෙකලා යමු නිසි මාවතින්
හිදිමු හැමදා සතුටට ලඟින්
නිවමු විදිනා හැම රිදුම්