මගේ තැන...............................

මගේ තැන...............................

Thursday 29 November 2012

සිහිකල යුතුනම් මුනි දහමයි


සදාකාලික කිසිත් ලොව නැත
එහෙම ඇත්නම් ලොවේ කොතැනක
නොහැක නවතනු සසර ගමනක
සමිදු ගෞතම දෙසුවේ මෙලෙසය

ප්‍රිය අයම යයි දුරින් දුරටම
අප්‍රියයන් ඒය ලගටම
අකමැතිය මේ දෙය
කියා නොහැකිය කැමත්තක් ලැබුමට

ප්‍රිය දෙයින්මයි උරුම දුක මේ
කැමති දෙය නිසාමයි මේ දුක
නමුත් ඇලුනේ කැමැත්තෙන්මයි
එයයි සත්‍ය නොමැත සැපතක්

දැන උන්නමුත් ඒ බව
දුක එන විට සොයා ලගට
මේ බවනම් සිහියේ නැත
කල්පනාව වල් වදිවී

සිහිකල යුතුනම් මුනි දහමයි
ඇසුරට හොද සත්පුරුසයොමයි
හුරුකල යුතු අරි අට මගමයි
ඇලිමනම් අත් හල යුතුමයි....... 

Tuesday 25 September 2012

වැස්ස වැටෙන්නට ලඟයි


සතර අතින් ගලා ආ...
වළාවන් මුදුන් වී
සතර දිග එලිය දුන්
හිරු මඩල සඟවගෙන
සැමදෙයම දරා උන්
අහිංසක මිහිමඩල 
අදුර දසතින් වෙලාගෙන
සිනා සී උන් ගහකොළද
සොවින් බරවී ගොසින්
පියාපත් සල සලා උන්
සියොතුන්ද ඈතට ගිහින්
සැළලිහිණියන් දස දෙසින්
ගඟන තලයෙන් මතුවෙලා
ගුගුරවා අහස් තලයම
හැමතැනම හැමදෙයම 
කියන්නේ මේ ලෙසින්
"වැස්ස වැටෙන්නට ලඟයි"

Friday 10 August 2012

...නැතහොත්...



අහෝ...,
උන් වැ‍ටුණු තැන්වලමයි,
කරමින් වුන් දේත් එලෙසමයි,
හැරිලා තියෙන්නේ සතර අපාය දෙසටමයි...
සසර පුරා ආවේත්,
දැන් යමින් සිටින්නෙත්,
ඉදිරියට යන්න වෙන්නෙත්,
මෙවන් ගමනකටම නෙවැ...
කෙසේද... ඉන් ගැලවෙන්නේ ?
ඉතා කුලුණු ගුණයෙන්,
සම්බුදු මුවින් වදාහල
උතුම් දහම් මගමයි යන්නට තියෙන්නේ...
නැතහොත් ආයෙමත් දුකටමයි...


Monday 23 July 2012

..:: කෙලෙස ඉවසම්ද ::..


නොදැන උන්නානම් එදාමෙන්
නොදැනේ හදට දුක අද
ලංවුයේ ඇයි මෙලෙස මා හට
නවතින්න බැරි බවත් දැන දැනම
ලංවෙලා ඔබ මගේ ලොකේට
දුකම අරගෙන පලා යන විට
මගේ නොව බව දැනන් උන්නද
හඩයි සිත සඟවගෙන කදුලු කැට
උහුලන්නේ මහත් වෙර ගෙන
මම මගේ මුලු සවිය ගෙන
මම ඔබට ලංවෙලා මෙලෙසට
දුක් විදින කළ එක් පසෙක හිද මම
එහි අනෙක් පස හිද දුක් විදින විට
කෙසේ ඉවසයිද ඔබ
අස අසා මගේ හිත හඩයි
කිව නොහැක ඔබට මේ දුක
තනිව විදිනෙමි දුක් කදුලු මම
ඈත්ව යන්නට ඔබට ඉඩහැර
පතන්නේ එක දෙයයි මම
ලංනොවේවා කිසිවෙකුත් මෙලෙස මට
දුරස් වනවානම් කිසිකලෙක
සිතාගත්තෙමි අද දෙයක් මම
ලං නොවේවා කිසිකලෙක කිසිවෙකුට
හුදකලාවෙ සුව සොයමි මම
ලං උනොත් උරුම දුක දැක
සමිදු දෙසු කරුණු ගැන
නොදැන උන්නානම් ටිකක් හෝ මම
කෙලෙස ඉවසම්ද
මෙවන් මොහොතක....?


Sunday 15 July 2012

ඇයි ඔබ



දහස් සිතුවිලි සගවගෙන ඔබ 
නොදොඩාම ඉන්නේ ඇයිදැයි
දන්නේ නෑ... මා තව දන්නේ නෑ....


කිසිවකුත් නොකියාම ඔබ 
දෙනෙත් බැල්මෙන් කියු දෙය ගැන
තේරුනේ නෑ... මට තේරුනේ නෑ...


මගේ දිවියට ලංවන්නේ ඔබ
ඇයිද යන්නට පිළිතුරක් තව
දන්නේ නෑ... මා දන්නේ නෑ

Monday 18 June 2012

රුදුරු වන මැද-දු‍ටුව මල් කැකුල


වන සිව්පාවුන් පිරුණු
ක‍ටු පදුරු ගහණ
රුදුරු වන දහනක
දු‍ටුවා අසිරිය
සුපිපෙන සුන්දර
මල් කැකුලක
දිදුලන අසිරිය ඇතිමුත්
සැකයක් දැනුනා
විකසිත වේදැයි ඒ මල
විකසිත වූවත් ඒ මල
රුදුරු වනදහනේ
ලස්සන විහිදුනු ඒ මල
විස පුරවන බොහොමෙට
නියඟලා මලක්දැයි
නිකමට මෙන් මට සිතුණා

Sunday 17 June 2012

අනියතයි සියලු දේ අනියතයි!!!


උබ මොකො මං මොකෝ  කිවත් එදා
අද නැතේ මතකෙවත් ඒ කී කතා
සොහොයුරන් සේ සිටියත් අපි එදා
මිතුදමත් ටිකෙන් ටික අද ගොලු වෙලා

ප්‍රිය අයම යයි ටිකෙන් ටික ඈතට වෙලා
මතක පමණක් මගේ ලග අද තනි වෙලා
වැඩ බහුල වී ඇත - දුවන තර‍ඟෙට වෙලා
දකින්නට හෝ කතාවට දැන් නැත වෙලා

අලුත් අය හමුවෙයි-පරණ අය වෙන්වෙලා
මතක පමණක් ටිකෙන් ටික ඉතිහාස ගතවෙලා
සොදුරු වූවත් අතිතය ටිකෙන් ටික ඈතට වෙලා
දකින්නට එක දෙයක් ඇත හිටියොත් බලා

හැම දෙන තරගෙට දුවයි මිරිඟුව සොයා
සමිදු දෙසු කරුණක් එනවා මතකෙට ගලා
"ඇල්ලුවොත් අනියත දෙයක් මමය මාගේ කියා
දුක පමණි උරුම වන්නේ ඒයයි සත්‍ය කියා..
අනියතයි සියලු දේ අනියතයි!!!

Friday 18 May 2012

සරණම වටි හැමදින තුන් රුවණේ

ආශා පොදි බැදන් ආ සසර ගැන 
පාදා දෙනෙත් පෙන්වු බුදු සමිදු ගැන
පැහැදි ගුණ කඳ ගැන සිතමින්න
එක්කර දෙනෙත් වදිනෙමි බුදු සමිදුන්ට


සසරේ යන ගමන නවතන නුවණ දෙන
සිත සනසන්න මැනවින් හිමි දෙසු බණ
දරමින් වටිනාම දේ ලෙස සදහම් බණ
සිහිකර වදින්නෙමි සම්බුදු සමිද දෙසු බණ


සම්බුදු සමිදු දෙසු දහමම නිරතුරු දරමින්න
නිවනට යන්න හැම බැදුමන් අත හැරිමින්න
කසාවතින් සැරසි සිරි සදහම් පද මතු කරන
නිරතුරු වදින්නෙමි ලොව්තුරු සඟ රුවන


වෙන කිසි දෙයක් නැත වටින්නේ
ගුණ කඳ නිරතුරා පවතින්නේ
වටිනා දෙයක් ලෙස ‍රැක ගත යුතුනේ
සරණම වටි හැමදින තුන් රුවණේ

Tuesday 8 May 2012

අහෝ අහෝ මේ මොකද...?


වෙසක් කල පැමිණුනා
සුදුවතින් සැරසිලා
ලස්සනට හැඩවෙලා
කලබලෙන් කොහෙද මේ දුවයනා....

අනේ අනේ දන්නැද්ද
හන්දියේ දන්සලක්
අපේ කට්ටිය එනවා තව
පොලිමට සෙට් වෙන්න දුවනවා

අහෝ අහෝ මේ මොකද
බොදුදනන් මේ මොකද
සමිදු දෙසු වදන් දැන්
මතකයට එන්නැද්ද

අනේ අනේ අද නෙවෙද
නිකන් කන්නට බොන්න දෙන්නේ
අපේ අය පොරකකා
පොලිමට සෙට් වෙලා

දවල් තිස්සෙ දන්සල් ගානේ
කකා බිබි ඇවිදිනා
හවස් වෙන විට කට්ටියම
තොරන් සිරි බලයි රටවටා

වෙසක් තොරණක් තිබුණි
පුරසිද්ද නගරයක
පෙර ඇසුනු කවි සද්ද
තොරලග දැන් නැනේ...
තොරණ වට කරන්
වෙලද සැල් පිරී ඇත
ඒ විතරක්  යෑ....
මාරක ලිදක් ඇත එක් පසෙක
අනෙක් පස මැජික් පෙන්වනවාලු
හැමතැනම විනෝදෙට සැණකෙළි
වෙළද උයනක් ලෙස පෙනේ...

විනෝදය  නරක නැත
එත් තොරණ මැද මෙය හොදද
සිතුණි මට එතැනදිම
අපට වෙන මහ විපත

පොහො දින සිල්වත්ව හිදිමින්
පසු දිනේ මේ හැමත් කරමින්
උතුම් සිහල බොදුවන් ලෙසින්
ඉන්න අදිටන් කරමු එක සිතින්

දුකට හිත තුල නැගුනු
මේ සිතුම් මට සිතුනු
නොගැටි කිසි ලෙසකිනු
ඇත්තදැන් සිතමු
මැදිසිතින් ඉපදුනු

Tuesday 24 April 2012

එත්...



කවි ලියන මගේ කවි හිත
ටිකෙන් ටික දැන් කො‍ටුවෙලා
ලියන්නට දහස් දේ දැක දැකම
ඔබ ගැන ලියන්නට කවි ගොතා
සිතට සිතුවිලි ගලා එනවා
වාන් දමනා වැව් නියා

එහෙත් මා සිතට කිවා
ඔබ මගේ නොව
වෙනකෙනෙකුගෙ කියා
සිතට බැරිලූ පිලිගන්න එය
සිත කියනවා මට නිරතුරා

ඔබ දෙසින් මා බලා උන්නා
තු‍ටු වෙමින් දුර ඈතට වෙලා
එත් දැන් ඔබේ රුව යයි
ටිකෙන් ටික මගේ නෙත් මායිම් කඩා
ඒත් මා සිත දන්නේ නෑ එය අද වනතුරා

කෙලෙස කිවන්නද ඔබට මේ ගැන
කිය කියා මා සිත දුක් වෙලා
කිසිදෙයක් නැත ලොවෙ තිබෙනා
මගේ යැයි හිනෙකින්වත් නවතිනා

එත්,
කොහේ හෝ ඇත සත්‍යම මතුවෙනා...

Tuesday 10 April 2012

සොදුරු.....?


සොදුරු මොහොතක
සොදුරු අයුරින්
මුනගැසුණු දා

සොදුරු වදනින්
සොදුරු ඔවදන්
දුන් සදා

සොදුරු කාලය
සොදුරු අයුරින්
ගෙවුනු දා

සොදුරු හැමදෙය
රුදුරු අයුරින්
වෙනස් වී යනෙන දා

සොදුරු මතකය
රුදුරු අයුරින්
ඈතක ගියා

සොදුරු ඒ හැම
සොදුරු ලෙසටම
අතිතය තුල නැවතිලා

සොදුරු දිවියට
රුදුරු ලෙසටම
තිත තැබුව දා

සොදුරු වදනින්
සොදුරු උපදෙස්
සිහිවෙයි නිතිපතා

සොදුරු ලෝකය
රුදුරු අයුරින්
වෙනස්වී යනෙන දා
සොදුරු මුනිදුගේ
සොදුරු දහමම
සිහිවෙයි නිතියෙන් සදා....

Thursday 5 April 2012

මහද දිනු


මා වෙත ප්‍රෙමය වපුරාලූ
සෙනෙහසින් මගේ ලොව නැහැවූ
ආදරණීයම උණුසුම ලබාදුන්
මහද දිනු එකම කත
ඔබමයි.....

මගේ ලොවට ආ
දහස් දෙන අතරින්
මගේ සිතට ආදරය පොවාලු
කරුණා හදින් මා වෙත නෙත් යොමාලු
මහද දිනු එකම ලිය
ඔබමයි.....

දෙන්නට මාහට
දහසකුත් දේ ඔබ සතු නොවන මුත්
මා හට දිය යුතු
වටිනාම සම්පත් මා වෙත ලබාදුන්
මගේ දිවිය ජය ටැඹ වෙත යොමු කරාලූ
මහද දිනු එකම සොදුරු රුව
ඔබමයි.....

මගේ නෙතින් ලොව දකිද්දිම
මගේ නෙත් අභියස සිටි
මගේ කණ වැකි මුල්ම රාවය පිටකල
මා හට දැනුනු සොදුරු පහස දුන්
මා හට උණුසුම සෙනෙහස සමග
වටිනාම පෝෂණය සදාලූ
මහද දිනු මගේ ජිවිතය
ඔබමයි.....
මගේම ආදර අම්මේ......

Thursday 29 March 2012

වැහි පිරි සැදෑව.....

වටින්ම කලුවර කරගෙන
අහස පුරා කලුපාට
වැහි වලාකුලු පිරිලා
පොද වැහි බිඳු එක එක වැටෙනවා
ඒ විතරක් යැ
එක පාරටම පුදුම සැරට
එලියක් වැටිලා
මහා අකුණු පුපුරනවා
කරන්නට ඇති කිසිවක් නොකරම
කාලය අකුණු සැර වදින වේගෙට
ගෙවිලා යනවානේ...
අහෝ මේ සැදෑවත්
වැස්සෙම සේදී යාවිද ???

Monday 26 March 2012

ගිනිකූර


උදව්වක් සොයමින්
කෙනෙක් එනතෙක්ම
ඉන්නේ නිහඬව සැඟවිලා
කටයුත්ත කරගැන්ම
උවමනා වන විටදි
ඉදිරියට පැමිණෙන්නේ නොපැකිලිලා
උවමනා දේ අවැසි සේ
ඉ‍ටුකරන නිසිලෙසට
කලයුත්ත නිමාකල විගසකින්
තමන් වෙත කිසි දෙයක් නොපතනා
කලයුත්ත කලපසුව
නැවත එහි නො‍රැදිලා
උදව් ලැබු කෙනා
දුර ඈත විසිකලද
කොහේ මුල්ලට දැමුවද
මේ සියල් දේ එක ලෙසින්
කිසි වෙනසක් නැතිවම
ඉවසන්නේ ගිනිකූර.....

Saturday 24 March 2012

මම

මම කියා වදනකින්
සසර ගමනට ඇදෙන
තණ්හාව ඇතිවෙලා
මම ය යන සිතුවිල්ල 
ලෝක දුක හදනවා
මට තිබෙන හැමදෙයම
මම ම ලෙස හිත හිතා
මගේ ලොව මම තුලින් ඉපදිලා
ඇසද පෙනෙනා රුවද 
මම ම ලෙස අල්ලගෙන
කනද නාසය දිවද
මම ලෙසට ‍රැවටිලා
සරසන්න වෙහෙසෙමින් 
නිසරු කය මම ලෙසට හිතෙනවා
සිතද අරමුණු සමග
මගේ ලොවම කො‍ටු වෙලා
මම වෙනුවෙන්ම මම ‍රැකගන්න
මගෙ ලොව තනනවා
මම ම ලොක්කා ලෙස සිතන්
මම ම මතුකරගන්න වෙහෙසෙනා
මම ලෙසින් හැම දෙයම අල්ලගෙන
මගේ කරගන්න සියලු දෙය
සිතක සිතුවිලි හැදෙනවා
හැම තැනම තියෙන හැම දෙයම
මට කැමති සේ තබන්නට
හැම දෙයම කරනවා
මම නිසා ලෝභ සිත් ඉපදිලා
මම කරන හැමදෙයම 
හරිම යයි සිත සිතා
මගේ ලොව තනන්නට
මම ම ලෙස මායාවේ පැටලිලා
මම ම යන්නෙන් මිදුණු
ගොයුම් හිමි දෙසූ බණ
නො අසන්න කිසි කලෙක
මම ම ගැන මේ ලෙසින් 
දැනගන්නේ කෙලෙසකද
මම ම ගැන අදුනගෙන
මම ම ජයගන්න-මම ම තරග කරනවා
මම නිසා විදින දුක
මම ම වෙහෙසිලා දුරලන්න
මම ම නුවණැස උපදවා
මම තුලින් මිදෙන්නට
මම වෙර වඩන්නට සිදුවෙනා


Thursday 22 March 2012

ඔබ දුරක ගිහින්....


සිහිවෙන විට එදින මට
උනනවා කදුලු තෙත් කරමින් නෙතග
බොහො කල් සිට
ලගින් උන් ඔබ සෙනෙහසින්
දැනුනෙ මට ඔබේ අරුමය
ගිය විටදි ඔබ ඈතට මගෙන්
එදවස මගේ හද නැගි
දුක් සෝ සුසුම්
නොහැකිව අතරින්න ඔබ මගෙන්
නොහඩා හැඩුවා මා දෙනෙත්
කඩා වැ‍ටුනු මා සිත
සනහන්න
මිතුරන් දැරූ තැත කොතෙක් උවත්
මගේ සිත බැදි ඔබේ මතකය
අත් හැර නොහැකිවම
එදවස සිටියේ මා උමතුවෙන්
කරන්නට දහසකුත් දේ
තිබුනද පිරී මා හට ඔබ යනෙන දා
කෙලෙසක කරන්නද කිසි වැඩක්
සිතට සැනසුමක් ලග නැති නිසා
ටිකෙන් ටික දින සතිද ගෙවිලා
මගේ සිත දැන් ටිකක් හැදිලා
කොතෙක් සතුටින් සිටිය හැකිමුත්
ඔබේ මතකය සිහිවෙමින්
මගේ හදවත පාරවයි තව
දුරක ඉන්නා ඔබේ රුව
මගේ මතකයේ නිති ඇදෙයි

Monday 19 March 2012

ඇයිදෝ....


දකින දහසක් දෙනෙත් අතරේ
සිහිවෙන්නේ ඔබේ නෙතම පමණක්
කිම කියා නොදනිම් දෙනෙත් මාගේ...
ඇසෙන නොයෙකුත් වදන් හමුවේ
‍රැව් දෙන්නේ ඔබ හඩම පමණක්
කිම කියා නොදනිම් සවන්...
හිතන්නට දහසකුත් දසත ඇතිමුත්
හිතන්නේ ඔබ ගැනම පමණක්
උමතුවෙන් දැයි නොදනිම් මෙමා...
සිනාසෙන ඔබේ මුව මඩල නිරතුරු
මැවි මැවී පෙනෙන්නේ ඇයිදැයි කියා
නොහැගේය තවමත් අසරණයි මා...
තනිව ගෙවෙනා මගේ දිවියම
එකම එක රුවකින්ම පමණක්
කිම මෙසේ සිරවෙලා...?

Tuesday 13 March 2012

අතිතය සිහිනයක්




යනෙන විට තැනින් තැන
ඔබ සමග ගිය සොදුරු තැන්
සිත මගෙන් අසනවා...
අතිතය සිහිනයක් විලසකින්
මැවි මැවී පෙනෙනවා...
ටිකෙන් ටික අතිතය
දෙනෙත් ලග ඇදෙනවා...
මා සමග එදා ඔබ
උන්නු කාලය
මතකයට නැගෙනවා...
ඔබේ ලොව හැම දෙයම
කොදුරමින් මා හටම
කිවූ යුරු ඇසෙනවා...
වෙන්ව ගිය ඔබේ මතකය
නැවත මතු වෙලා අද
ඔබ කොහිද සිතෙනවා...
බොහෝ කල් ලගින් හිටි
මගෙ පාලුව මැකූ ඔබ
නොවටිනා කරුණකින්
වෙන්න ගිය අයුරු
මතකයෙන් මතුවෙලා
‍රැව් දිදී නැගෙන විට
මගේ නෙතු තෙමෙනවා...
මගෙ ලග නැතත් ඔබ
කොහෙ හෝ සිටින තැන
තු‍ටු සිතින් යහපතින්
ඇතැයි සිත කියනවා....


Friday 9 March 2012

ඔබ


අහම්බෙන් මෙන් ලංවෙලා
මා සමග ටික ටික එක්වෙලා
මසක් පමණකි ඔබ හමුවෙලා
නමුත් ටික ටික ඔබ මගේ වෙලා

මගේ මතකෙට රිංගලා
මගේ ලෝකය ඔබ වෙලා
දවස තිස්සෙම තනිය මකනා
ඔබ ටිකෙන් ටික මගේ වෙලා

ගෙවෙන හැමවිට ඔබව සිහිවෙයි
මගේ ලග ඔබ වැඩ දමයි
පැය ගණන් ඔබ වෙතට ගයි
මගේ පාලුව ඔබ මකයි

මාස ගාණේ ගෙවෙන විට
ටිකෙන් ටික ඔබ මගේ වෙයි
ඔබව මගේ බව මට සිතෙයි
ඔබ මටම උරුමවෙයි

ඔබව නිරතුරු මගේ ඇසුරේ
තබන්නනට මට සිත් ඇතේ
වෙනත් කෙනෙකුට ඔබව දෙන්නට
මගේ හිත ඉඩ නොදෙයි

මගේ සිහිනය නිරතුරා
ඔබව මගේ වෙනතුරා
මගේ උදව්වට සෑමදා
ලගින් ඉන්නට එනවද මගෙ .........

Thursday 1 March 2012

කදුලු බිදු

සතු‍ටු සිත ඔද වැඩි
කුල්මත්ව සිටින විට
දෙනෙත පිරී ඉතිරෙනා...
යහලුවන් එක්වෙලා
විහිලුවෙන් සිනාසෙන විටදි
දෙනෙත පිරී ඉතිරෙනා...
සිතට දුකින් පිරි
කළකිරී සිටිනා
දෙනෙත පිරී ඉතිරෙනා...
දුකක් දොම්නසක් ඇතිවෙලා
සිත තනිවෙනා විට
දෙනෙත පිරී ඉතිරෙනා...
දුකට සතුටට හැමගේ
සිතෙහි ඇති හැගුම් පිට කරන
දෙනෙත පිරී ඉතිරෙනා...
සයුරු ජල කදම පරදන
සසර තුල හෙලන ලද
දෙනෙත පිරී ඉතිරෙනා...
ලොවේ හැමදෙනා තුල තියෙන
හැගුම් පිටකරන මග
දෙනෙත පිරී ඉතිරෙනා...
මුතු ඇටයි..... 
කදුලු බිදු....
කදුලු බිදු....

Monday 27 February 2012

අකල් වැසි


නෙතු පියන් වලට පෙනෙන ඉසව්වේ
නෙත් යොමන යොමන දෙස
අහස් කුස සීමා මායිම් නැතිව
අදුරු වළා දරාගෙන
ලොවම එළිය කල-මහා හිරු වසාගෙන
අකල් වැසි පතිත වේදෝ....
සීමා මායිම් කඩාගෙන
ඇල දොල ගංගා වැව් තල
උතුරා යාවිද.....
මඩ දියේ මඩ තලාගෙන
වෙහෙස වී සදාගත්
ගොයම යටවී
දෑස් කදුලින් බර කරාවීද....
අදුරු පටලින් දිවි වසාගෙන
මගේ ගේ පැල ගිනි ගනීවිද....?
අකල් වැසි සමග දුක් ගිනි
පතිත වේවිද....?

Friday 17 February 2012

කිම්දෝ


සුවද විහිදෙන-රොන් පිරී ඇති
සුපිපි මල් තියෙන තැන් වෙත
බිගුන් එති ගුමු ගුමු නදින් ‍රැව් දිදි...
උන්ගේ මුවගේ තුඩකි රොන් උරා බොන
නමුදු විසපිරි බඹර තුඩගින්
රොන් උරන විට
ඒ මල් වෙත කිම්දෝ විස මුස නොවන්නේ...

Sunday 5 February 2012

සිතක සිතුම්


ගෙවෙන මොහොතක් ගානේ
දහස් ගණනින් මතුව එන
වෙනස් වන එකක් ගානේ
සිතේ මතුවන සිතුම්-කොතෙක් වේදෝ
විටෙක යහමගින් දුවන අරමුණු
දහස් වර නොව වාර කෝටියක්
වරද පසුපස දුවන අරමුණු
සිතට නැගෙනා දහස් සිතුවිලි
අතර කෙතරම් මුලා වෙයිද
අප හැම......
දකින දසුන් වෙතට දිව යන
අසන දේ පසුපසින් යන
නතර  නොවනා ගමන් යන
සිතක කෙතරම් සිතුම් ඇතිදෝ
දුවන මේ සිත
නවතාගන්න හැකිනම්
සතුට සැනසීම ඇතිවී
සුවෙන් සිටිනට හැකි නොවේවිද????

Tuesday 31 January 2012

අන්ධකාරය


දුවයි සිත දස දෙසේ
අරමුණක් නැත
කුමක් කරන්ටද
කාගෙන් අසන්දෝ මා....
යනෙන හැම තැන
දකින හැම දෙය
කියන අසනා හැම දේ
අතර හරි වැ‍රැදී දේ
වෙන් කරන්නේ කෙලෙසකින් මා...
යා යුත්තේ කොයිබදෝ
යා හැක්කේ කොයිබදෝ
සොයා ගන්නට නොහැකි ලෙස
අන්ධකාරයේ අතරමන් වී ඇත
අන්ධයෙකු සේ මා....

Friday 20 January 2012

සත්‍යය


සොදුරු යැයි ලෝ තලය
බොහෝ දන සිතා සිටියද
අනේ මේ ලොවේ සැම තැන
දුකයි පිරිලා ඇත්තේ වැඩිපුර

ප්‍රිය දනන් යයි ටිකෙන් ටික දුරටම
අප්‍රියයන්ය එන්නේ ළගටම
දුකක් නොවෙදෝ
මෙයයි සත්‍යය

උපත ලබනා සියල් දන හට
ලෙඩයි උරුමය අරුම ලෙසටම
ටිකෙන් ටික වයස යන විට
භියයි එන්නේ මරණේ අත ළග
මෙයයි සත්‍යය දුකක උරුමය

සැප සතුට තිබෙන හැම විට
දුකක් එනවා නොසිතු විලසට
දුකින් ගැලවෙන්න සතහට
නොහැකි වේමය සිතු පමණට

දුදන දන ලෙස ඇයි මුලාවී
දුකට යන මග සකසන්නේ හැමවිට
යන්න මග වේ සැපත ලැබුමට
සම්බුදු සමිදු දෙසු දහම හැමකල...

මල් අසුන


පිපුණු මල් ගෙන තබා ඔබ මතේ...
මුනිදු පුදදෙයි නිරතුරා...
මුනිදු පුදනා මල් රකින්නට
නිතර ඔබ වෙහෙසුනා...
පිපුණු මල් පරව යන විට
සුවද ටික ටික වියැකුණා...
පරවූ මල් විසිකරන දන
පිපුණු මල් ඔබ මතේ ඇතිරුවා...
පරවූ මල් ගෙන ඉවත යන විට
නෙතේ නැතිවට,
සිතින් ඔබ තනිව හැඩුවා....

Wednesday 18 January 2012

අම්මා,

සොදුරු ලෝ තලය මත
 ඇති නොයෙක් කම්කටලු
 උසුලනා
 මගේ ආදර අම්මා, 
නොයෙක් දුක් ගැහැට විදින නුඹ
 සිනාසෙයි
දරුවන්ගේ මුවග නැගි සිනා දැක, 
නුඹේ කදුලැලි සැගවුනේ ඇයි 
දරුවන්ගේ සැප සතු‍ටු සදනට 
මගේ ආදර අම්මේ.... 
තම දිවියද පරදුවට තියා 
වෙහෙස වන්නේ නුඹ 
දරුවනගේ ලොව එළිය කරනට නොවැ..., 
එහෙව් නුඹගේ වෙහෙස ගැන 
නොහැගුනේ ඇයි අපට.....
 නමුත් වෙහෙස විය යුතුමයි 
නුඹේ මුවගේ මෙන්ම 
සිතෙහිද.... 
සදා සැනසුම ලබා දෙන්නට.........