මගේ තැන...............................

මගේ තැන...............................

Monday 17 August 2015

හදවත අවදිව මාගේ....


හදවත අවදිව මාගේ- සෙනෙහස් මල්  පිබිදී
ආයෙත් ඔබ සොයනා විට
ඔබ දුර ගොස්-මා තනි වී
කොහොමද මා ඉවසන්නේ...

ආදරයක් හිත මතුවී
ආයෙත් ඔබ ගැන විමසයි...
ආයෙත් ඔබ නැතිකරගන්නට බෑමයි...
ඔබ දුන් සෙනෙහස මතකය පාරයි....
ඔබ නැති ලෝකය පාලුව රජයයි....


දුක මතුවී ආයෙත් හදවත පාරයි...
ඔබ සිහිවී කදුලැල් මතුවෙයි...
ඔබ ලඟටම ආයෙත් මා එන්නම්...
ආදරයෙන් ඉමු අපි හැමදාමත්....








Wednesday 12 August 2015

උමතුයි උමතුයි හදවත උමතුයි...

උමතුයි උමතුයි හදවත උමතුයි...
තරුණයි තරුණයි හරි දඟකාරයි...
මනහර වූ තාලය කදිමයි...
ඈ නම් මා පෙම්වතියයි...

පෙර දිනයක් ටික ටික ගෙවුනා...
හෙට දිනයක පැතුමන් රැදුණා...
හරියට පිණි බිදුවක වාගේ දැණුනා...
රැජිණක් සහ රජ කුමරෙක් ලෙසිනා...

දෙනෙතට සිහිනය පෙන්වන්න...
සිතු දේ සිතු සේ කරවන්න...
හැමදා සෙනෙහස ලැබදෙන්න...
හැමදාමත් මා ලඟ සැනසෙන්න...



Friday 24 July 2015

ඔබව මට හිමිනම්....

ඔබව මට හිමිනම්
ජිවිතය ජය ගන්නම්
බයක් නෑ කිසි ලෙසෙ
ඔබව ‍රැක ගන්නම්
ඔබව මට හිමිනම්

ඔබ  නොමැති ලෝ
කෙලෙස ඉන්නද මා
කියා දෙන්න හැකිනම්
ආදරය කොතරම්- දනිමි මා එයනම්

ඔබව මට හිමිනම්....

ඊයේ මෙන් හෙටටත්
අදත් මේ විලසින්
ඉන්න මා සෙනෙහෙන්
ඔබව හැර වෙනතක්
බලන් නෑ මමනම්

ඔබව මට හිමිනම්....

Sunday 22 February 2015

පෙම් බැදි සිත....

සෙනෙහස තිබුණමුත් උතුරා හිත පතුලෙන්න
කොහොමත් නොහැක තනියම එය ලැබගන්න
ආදරේ ලැබෙනවිට එය නිසි ලෙස පිලිගන්න
කිසිලෙස එපා එය නැතිවෙන මග ගන්න

වට පිට ප්‍රශ්න ඇයි එය හා යා කරගන්නේ
වෙන අය වෙතින් නොව එය නැතිවන්නේ
කරනා දෙයිනි එය ඔබ නැතිකරගන්නේ
පසුවට පසුතැවෙන වැඩ ඇයි මේ කරගන්නේ

හිත ‍රැදි සෙනෙහස නෑ කවුරුත් හදුනන්නේ
පෙන්වන විටයි එය හොදහැටි දැනගන්නේ
පෙන්වන හැමම ඇත්තක් නොමවෙන්නේ
හිත තුළ තිබෙන දේ කොහොමද දැනගන්නේ

කල් ගත වන විටදි ටික ටික පෙනෙමින් යන්නේ
එනමුත් නොමැත එය හරිහැටි හදුනා ගන්නේ
සිහියෙන් බැලුවොත් සෙනෙහස දැන ගන්නේ
පෙම් බැදි සිතට කොහේ සිහියක් පැමිනෙන්නේ

හැමදේ අනියතයි එය හරි හැටි දැනගන්නේ
ඇත්තක් නොදැන විටදියි දුක ලංවෙන්නේ
නිසිලෙස සිහිය උපදා ඇත්තම දැනගන්නේ
එවිටයි ලොවේ නිසි ජය දිවියට හිමිවන්නේ

Friday 23 January 2015

සොඳුරු සෙනෙහස ලඟින් වෙන්කර - කොහොම ඉන්නද සැනසිලා....

පිපුණු නාමල් කුසුම් කුමටද
සුවඳ නැත්නම් අවට විහි‍ඳෙන..
අබර ඉඟිලෙන සියොත් කුමටද
ඇසෙන් නැත්තම් විහඟ ගී හඬ...
අවට විහිදුණු ඉවුරු කුමටද
පිරී නැත්තම් ගලන දියකඳ...
මෙවන් දිවියක අරුත් කුමටද
ලඟින නැත්නම් පිරුණු සෙනෙහස...

හිතක නළියන හැඟුම් ගුලිකර
කොහේ යන්නද සැඟවිලා...
අරුත පසිදන වදන් අතහැර
කෙලෙස ඉන්නද වෙන්වෙලා...
දෙනෙත් පිනවන දසුන් මඟහැර
කෙලෙස ඉන්නද නෙතුපියා...
සොඳුරු සෙනෙහස ලඟින් වෙන්කර
කොහොම ඉන්නද සැනසිලා....

කඳුළු මතුවෙන නෙතක් කුමටද
දුකක් නැත්තම් හිතේ තෙරපෙන...
සිනහා පිටවෙන මුවක් කුමටද
සතුට නැත්නම් සිතක තෙරපෙන...
නිතර යොමුවෙන සවන් කුමටද
රසය නැත්නම් අවට ‍රැව්දෙන...
මෙවන් දිවියක අරුත් කුමටද
ලඟින නැත්නම් පිරුණු සෙනෙහස...

Thursday 1 January 2015

වයසයි මා දැන් ටික ටික වැහැරි යනවා

ඇවිදිනු හිදිනු බෑ පා යුග වෙව්ලනවා
අහු වෙන්නෑ කිසිවක් අත් වෙව්ලනවා
සවිබල නෑ ගතද දැන් වක් වී යනවා
වයසයි මා දැන් ටික ටික වැහැරි යනවා

දිදුලුණු සමත්  ටික ටික ‍රැලි ගැන්වෙනවා
දත් ටික වැටිලා මුහුණත් ටික ටික වැහැරෙනවා
සවිමත් ගතත් දැන් ටික ටික දුබලව යනවා
වයසයි මා දැන් ටික ටික වැහැරි යනවා

හොදහැටි පෙණුනු ඇස් දෙක නොපෙනෙනවා
සවනට වදන් පෙර මෙන් දැන් නො ඇසි යනවා
ගද සුවදවත් පෙර සේ නොදැනි මා දුබලව යනවා
වයසයි මා දැන් වයසින් ටික ටික බැට කනවා

ගත දුබලව ගියත් සවිබල දුබලව යන දාට
සිතනම් සවිමත්ය පෙර දා ඇසු බුදු බණට
වයසින් වැහැරී මරණය මා වෙත ආ දාට
‍රැකගත් බුදු වදන් පමණයි පිළිසරණකට