පිපුණු නාමල් කුසුම් කුමටද
සුවඳ නැත්නම් අවට විහිඳෙන..
අබර ඉඟිලෙන සියොත් කුමටද
ඇසෙන් නැත්තම් විහඟ ගී හඬ...
අවට විහිදුණු ඉවුරු කුමටද
පිරී නැත්තම් ගලන දියකඳ...
මෙවන් දිවියක අරුත් කුමටද
ලඟින නැත්නම් පිරුණු සෙනෙහස...
හිතක නළියන හැඟුම් ගුලිකර
කොහේ යන්නද සැඟවිලා...
අරුත පසිදන වදන් අතහැර
කෙලෙස ඉන්නද වෙන්වෙලා...
දෙනෙත් පිනවන දසුන් මඟහැර
කෙලෙස ඉන්නද නෙතුපියා...
සොඳුරු සෙනෙහස ලඟින් වෙන්කර
කොහොම ඉන්නද සැනසිලා....
කඳුළු මතුවෙන නෙතක් කුමටද
දුකක් නැත්තම් හිතේ තෙරපෙන...
සිනහා පිටවෙන මුවක් කුමටද
සතුට නැත්නම් සිතක තෙරපෙන...
නිතර යොමුවෙන සවන් කුමටද
රසය නැත්නම් අවට රැව්දෙන...
මෙවන් දිවියක අරුත් කුමටද
ලඟින නැත්නම් පිරුණු සෙනෙහස...
Friday 23 January 2015
Thursday 1 January 2015
වයසයි මා දැන් ටික ටික වැහැරි යනවා
ඇවිදිනු හිදිනු බෑ පා යුග වෙව්ලනවා
අහු වෙන්නෑ කිසිවක් අත් වෙව්ලනවා
සවිබල නෑ ගතද දැන් වක් වී යනවා
වයසයි මා දැන් ටික ටික වැහැරි යනවා
දිදුලුණු සමත් ටික ටික රැලි ගැන්වෙනවා
දත් ටික වැටිලා මුහුණත් ටික ටික වැහැරෙනවා
සවිමත් ගතත් දැන් ටික ටික දුබලව යනවා
වයසයි මා දැන් ටික ටික වැහැරි යනවා
හොදහැටි පෙණුනු ඇස් දෙක නොපෙනෙනවා
සවනට වදන් පෙර මෙන් දැන් නො ඇසි යනවා
ගද සුවදවත් පෙර සේ නොදැනි මා දුබලව යනවා
වයසයි මා දැන් වයසින් ටික ටික බැට කනවා
ගත දුබලව ගියත් සවිබල දුබලව යන දාට
සිතනම් සවිමත්ය පෙර දා ඇසු බුදු බණට
වයසින් වැහැරී මරණය මා වෙත ආ දාට
රැකගත් බුදු වදන් පමණයි පිළිසරණකට
අහු වෙන්නෑ කිසිවක් අත් වෙව්ලනවා
සවිබල නෑ ගතද දැන් වක් වී යනවා
වයසයි මා දැන් ටික ටික වැහැරි යනවා
දිදුලුණු සමත් ටික ටික රැලි ගැන්වෙනවා
දත් ටික වැටිලා මුහුණත් ටික ටික වැහැරෙනවා
සවිමත් ගතත් දැන් ටික ටික දුබලව යනවා
වයසයි මා දැන් ටික ටික වැහැරි යනවා
හොදහැටි පෙණුනු ඇස් දෙක නොපෙනෙනවා
සවනට වදන් පෙර මෙන් දැන් නො ඇසි යනවා
ගද සුවදවත් පෙර සේ නොදැනි මා දුබලව යනවා
වයසයි මා දැන් වයසින් ටික ටික බැට කනවා
ගත දුබලව ගියත් සවිබල දුබලව යන දාට
සිතනම් සවිමත්ය පෙර දා ඇසු බුදු බණට
වයසින් වැහැරී මරණය මා වෙත ආ දාට
රැකගත් බුදු වදන් පමණයි පිළිසරණකට
Subscribe to:
Posts (Atom)