සදාකාලික කිසිත් ලොව නැත
එහෙම ඇත්නම් ලොවේ කොතැනක
නොහැක නවතනු සසර ගමනක
සමිදු ගෞතම දෙසුවේ මෙලෙසය
ප්‍රිය අයම යයි දුරින් දුරටම
අප්‍රියයන් ඒය ලගටම
අකමැතිය මේ දෙය
කියා නොහැකිය කැමත්තක් ලැබුමට
ප්‍රිය දෙයින්මයි උරුම දුක මේ
කැමති දෙය නිසාමයි මේ දුක
නමුත් ඇලුනේ කැමැත්තෙන්මයි
එයයි සත්‍ය නොමැත සැපතක්
දැන උන්නමුත් ඒ බව
දුක එන විට සොයා ලගට
මේ බවනම් සිහියේ නැත
කල්පනාව වල් වදිවී
සිහිකල යුතුනම් මුනි දහමයි
ඇසුරට හොද සත්පුරුසයොමයි
හුරුකල යුතු අරි අට මගමයි
ඇලිමනම් අත් හල යුතුමයි.......