මගේ තැන...............................

මගේ තැන...............................

Monday 15 February 2016

අපි දෙන්නා පහනයි දැල්ලයි...

අපි දෙන්නා පහනයි දැල්ලයි වාගේ
එක්වී ඉන්නේ සැමදා ආදරයෙන්නේ
ප්‍රිය සොදුරිය ඔබමයි හැමදා මාගේ
සෙනෙහස පමණයි හැමදා දිදුලන්නේ

ඔබගේ සිහිනය සැමදා මාගේ වෙන්නේ
ඔබගේ සිහිනයේ මා ජිවත් වී... ඉන්නේ
සිහිනය ඉටුවන දිනයට අපි ලං වෙන්නේ
සිහිනය ඉටුකරගන්නයි අප වෙහෙසෙන්නේ

බාධක දහසක් ආදර මාවත අහුරන්නේ
බාධක මැඩගෙන අප ඒ මාවත යන්නේ
සෙනෙහස දින දින අලුතින් දළුලන්නේ
දිවිය පුරාවට ආදරයයි අපි සනසන්නේ

Saturday 13 February 2016

ආදරයක කදුලක්

ආදරයක කදුලක් නැති තැන් සොයලා
ඇවිද ඇවිද හැම තැන කදුලුම දුටු හින්දා
වෙහෙස වැඩිවී තිසා වැව ලග නැවතිලා
හිටි විට දුටුවා ඉසුරුමුණියේ යුවල පෙම් බැදිලා...

එදා සිට අද වෙන තුරා ආදරයෙන් බැදිලා
ඔබ දෙපළ ඉන්නෙ කොහොමද කදුලු නොසලා
අසන්නට පිය නගන විට ඔවුන් වෙත බලලා
ඇසුනේ සිහින් ඉකිබිදුම ඉසුරුමුණි පෙම්වති හඩනා

වෙලී උන්නද අපි ආදරය ලොවට පෙන්වා
පිරුණු සෙනෙහස කලින් අප සිත් තුලම රදවා
කලින් කල විරසකය සැක හැම මතුව ආවා
ඉන්න බෑ අපි අතර විරසකය දැන් වැඩිවා