මගේ තැන...............................

මගේ තැන...............................

Thursday, 14 December 2017

සම්බුදු සිරිත 1

කරුණා ගුණැති හද මඩලක් දැරුවානේ
සත් හට දුකට එක පිළිසරණයි සමිදානේ
තුන් ලොව දිනා ජයගත් මගේ බුදු පියානේ
එක් කර දෑත වැද වැටෙම් සම්බුදු රජානේ

දුක් විදි සසර ගමනට සැප දී හද නිවන
සම්බුදු සමිද විමසුව හිදිමින් බෝ සෙවන
සැම සත වෙතට ගත හැක විමසා නුවණ
සම්බුදු දහම නමදිමි හඳ සැනසුම ගෙනෙන

බව දුක සිහි කරන් සසරට හිත කළකිරුණා
සසරෙහි ගමන නවතන්නට හිත තුල රැදුනා
සම්බුදු සමිදු දෙසු මගසොදුරුව නිරතුරු වඩිනා
සිහිකර වදිම් ඒ උත්තම සම්බුදු සඟ රුවනා

වෙසක් දිනේ එදා ලුම්බිණි නම් සල් උයනේ
සොදුරුව තිබුනු ලස්සන සල් ගස් සෙවනේ
මිහිමත සිටි උත්තම මව් තුමියගෙ කුසිනේ
ලොවට උතුම් පුත් රුවනයි ලොකෙට පහල උනේ

විසි නව වසරක් ගෙවමින් යුව රජෙකු ලෙසින්
සැප සම්පත් දැසි දස්සන් පිරි නොයෙක් ලෙසින්
කිසියම් දෙයක් සැඟවී ඇත සිතුවා දහස් වරින්
සොයා ගන්න මග සොයමින් ගත වී දවස් ගණන්

උයන කරා යන එනකොට යොවුන් කුමරු
මග දෙස බලමින් නෙත හෙලුවා සොදුරු
දුටුවෙ ලෙඩකි විදිනා දුක මහමග වැතිරු
අපිටත් මෙහෙම වෙනවානේ සිතුවා කුමරු

තව දිනයකදි යන විට සමගින් චන්නය ඇමති
දිවියක අරුත ගැන සිතමින් නිති සිත පැවති
වයසට ගොසින් සිටිනා කෙනෙකි වාරුව නැවති
මහලුව විදින දුක ගැන කුමරුන් යලි යලි සිතති

ආයෙත් දිනක යන විටදි උයන කරා නෙක සිරි පිරුණු
මගසිරි බල බල වට පිට වෙත යොමුවී නෙත තියුණු
සිව් දෙනෙකුගෙ කරපිට යන මිනියකි දිවි අවසන් කෙරුණු
අපටත් එනවානේ මරණය නෑ ගැලවිලක් අප ලැබුණු

මේ දුක් පිරුණු දිවි ගැන කුමරා නිති සිතමින්නේ
නැවතක් දිනක කුමරා රජ උයනට පිවිසෙන්නේ
සන්සුන් ගමනකින් වඩිනා රුව නෙත දකිමින්නේ
මේ හැම දුකම නිවනා මග සෙවිමට හිත යන්නේ

දිනයක කුමරු උයනට ගොස් මේ හැම සිතමින්න
සිටියා පසෙක වී කොහොමද මේ දුක් නිමවන්න
රජගෙහි සේවකයා ආවේ කුමරුට පණිවිඩ දෙන්න
ඉපදි තිබේ යුවරජුනේ, ඔබහට පුත් රුවනක් ඔන්න

ඉපදි තිබේ මා හට පුතෙක්, වී ගෙන රාහුලයෙක්
යන්නට තිබෙන ගමනට වී ගෙන බාදකයක්
ඇතිවි තිබේ දිවියට තව තව අලවා බැදීමක්
හැර යා යුතුව මෙය, සොයනට ගමනේ නිමාවක්

Saturday, 13 August 2016

පසුවට තැවිලි නෑ මෙ ලෙසින් නම්

සරසා නොයෙක් විසිතුරු මල් ගවසා පලදා මුතු මැණික් රන් රිදි ගත දවටා මැරෙනා බවක් නෑ කිසි දින දැනිලා කිසිදා නැතේ අනියත දම් සිහිකරලා අයුෂ ගෙවෙයි හම දැන් රැළි වැටිලා දත් එක දෙක වැටී මුව බොකු ගැහිලා අතපය වාරූ නෑ යන යන තැන වැටිලා මරුවා ලං වෙලා නැතිදෝ දැන් දැනිලා වාරුව නැතිවෙලා මරණය අඩ ගසද්දි පාරුව සිහිවෙලා ධර්මය සිහි කරද්දි කාලය ගතවෙලා තම හිස ගිනි ගනිද්දි මරුවා ඇවිත්නේ පන්සල ලග දකිද්දි හරිහැටි තරුණ වියෙ සිහි උණා නම් අතපය වාරු ඇතිදා මරු පෙනුනානම් සිතතුල අනියත දහම සිහි කලා නම් පසුවට තැවිලි නෑ මෙ ලෙසින් නම්

Tuesday, 12 July 2016

ආදරයයි මේ ආදරයයි...

ආදරයයි මේ උතුරන්නේ
පුතුගේ සිනහවයි මා දකින්නේ
ජිවිතය මගේ ඔබ පමණයිනේ
ආදර සෙනෙහසමයි උතුරන්නේ

මාගේ ලෝකය ඔබ පමණයි
සිත තුල ඉන්නෙ ඔබ පමණයි
ප්‍රාණය පිරි නිධානය ඔබමයි
ජිවිතයට ලැබු අරුතත් ඔබමයි

හදවත පිරවූ ආදරයත් ඔබමයි
ජිවන මාවත හැඩගැන්වූ කුසුමයි
උතුරා යන සෙනෙහස් ගගුලයි
ගලනා ගග සේ උතුරන ආදරයයි
ආදරයයි මේ ආදරයයි...

Monday, 28 March 2016

අම්මා තාත්තා යන දෙදෙනා කවදාවත් නෑ වෙනතක බලලා

දස මසක්ම කුසේ දරාගෙන රැකලා
බඩගින්නට ලේ කිරි කර පොවලා
රැකගත්තේ ඇගේ ජිවිතයත් පරදා
වෙන කවුරුද මවුතුමි ඔබමයි සෙනෙහස දැනෙනා

ගතකට දැනෙන වෙහෙසක් නෑ දැනිලා
දහදිය වගුරවයි සතුටින් සෙනෙහස උතුරා
අම්මා පිටුපසින් සිටිනා ඒ සවිමත් රජිදා
වෙන කවුරුද පියතුම ඔබමයි හැමදා විරුවා

අවුරුදු ගණන් ගතවෙනවා එනමුත් රැකුම තාමත් දැනෙනා
සෙනෙහස පුදන හැටි කවදාවත් තෙරෙන් නෑ ජිවිතයත් පරදා
අම්මා තාත්තා යන දෙදෙනා කවදාවත් නෑ වෙනතක බලලා
ඒකයි කිවේ සිව් බඹ ලකුණු මවුපියෝ ලග ඇති නිතරම උතුරා

Tuesday, 22 March 2016

මතක නැද්ද මුතුමැණිකේ

කල්ලඩි පාලමට උඩින්
මඩකලපුවට ගිහින්
පාසිකුඩා වෙරල අයිනේ
සින්දු කියලා අපි නැටුවා
මතක නැද්ද මුතුමැණිකේ

ඉර බසිනා හැන්දෑවේ
ඒ දිහාව බලාගෙනම
වෙරල දිගෙ ඇවිද ඇවිද
රසබර කර කියපු කතා
මතක නැද්ද මුතුමැණිකේ

අනාගතය ගැන හීන ගොඩක්
මව මව ඔබ කියපු කතා
සුන්දර සේ අත් අල්ලන්
ඈත බලගෙනම අහන් හිටියා
මතක නැද්ද මුතුමැණිකේ

Thursday, 17 March 2016

බිදෙන රැළි අතරේ පෙන බුබුළු නැගෙනවා

බිදි බිදි රැල්ල යලි යලි ඇදෙනවා
සිප සිප වෙරළ දියඹට ඇදෙනවා
බිදි බිදි සිතත් යලි යලි හැදෙනවා
සිප සිප සනසන්න ඔබ ඉන්නවා

බිදෙන රැළි අතරේ පෙන බුබුළු නැගෙනවා
සිපින රළ වෙරලේ සොදුරු රූ මවනවා
බිදෙන හිත් මඩලේ කදුලැලිම පිරෙනවා
හැදෙන හිත් මඩල සතුටින්ම පිරෙනවා

වෙරල සේ මතක එක තැනක තියෙනවා
රැල්ල සේ සිත හැමතැනම නිතර ඇදෙනවා
වෙරල මෙන් සිතුවිලිත් නිරතුරුව පිරෙනවා
රැල්ල මෙන් සිත නිතර අලුතින්ම හැදෙනවා

Friday, 11 March 2016

දුරම තිබෙනා දෙයට සිත්වී කාලේ ගෙවුනා...

ඈත අහසෙ තනිව හිදිනා
තනි තරුව දෙසම බැලුනා
වලා අතරින් තරුව වැහුනා
තරුව අතහැර අහස බැලුනා

නැගී දිදුලන සුපුන් සද දුටුවා
සදෙන් විහිදුන සිසිල ලංව ආවා
සදෙ සෙනෙහෙන් දවස් ගෙවුවා
අහස සෙමිහිට සදෙ රූ රටා මැකුවා

සදත් පසෙකින් නැගි අහසෙම කොනක තිබුනා
හිරුත් ඇවිදින් අහස මුදුනට සදේ සිතුවම් මකා දැමුනා
හිරුගේ එලියට සිතම වසගව දිවියේ දින දින හෙමින් ගෙවුනා
අකල් වැසී වැටී ටික ටික හිරුත් මතකෙන් ඈත ඇදුනා

දුරම තිබෙනා දෙයට සිත්වී කාලේ ගෙවුනා
ලගම බලනට හිතට අමතක කරලා තිබුනා
ඇසේ ගෑවී ගෑවී ලගම මැණිකුත් හුගක් තිබුනා
මෝඩකමකට දුරක ගොස් ඇත දුකක් දැනුනා