මගේ තැන...............................

මගේ තැන...............................

Tuesday 31 January 2012

අන්ධකාරය


දුවයි සිත දස දෙසේ
අරමුණක් නැත
කුමක් කරන්ටද
කාගෙන් අසන්දෝ මා....
යනෙන හැම තැන
දකින හැම දෙය
කියන අසනා හැම දේ
අතර හරි වැ‍රැදී දේ
වෙන් කරන්නේ කෙලෙසකින් මා...
යා යුත්තේ කොයිබදෝ
යා හැක්කේ කොයිබදෝ
සොයා ගන්නට නොහැකි ලෙස
අන්ධකාරයේ අතරමන් වී ඇත
අන්ධයෙකු සේ මා....

Friday 20 January 2012

සත්‍යය


සොදුරු යැයි ලෝ තලය
බොහෝ දන සිතා සිටියද
අනේ මේ ලොවේ සැම තැන
දුකයි පිරිලා ඇත්තේ වැඩිපුර

ප්‍රිය දනන් යයි ටිකෙන් ටික දුරටම
අප්‍රියයන්ය එන්නේ ළගටම
දුකක් නොවෙදෝ
මෙයයි සත්‍යය

උපත ලබනා සියල් දන හට
ලෙඩයි උරුමය අරුම ලෙසටම
ටිකෙන් ටික වයස යන විට
භියයි එන්නේ මරණේ අත ළග
මෙයයි සත්‍යය දුකක උරුමය

සැප සතුට තිබෙන හැම විට
දුකක් එනවා නොසිතු විලසට
දුකින් ගැලවෙන්න සතහට
නොහැකි වේමය සිතු පමණට

දුදන දන ලෙස ඇයි මුලාවී
දුකට යන මග සකසන්නේ හැමවිට
යන්න මග වේ සැපත ලැබුමට
සම්බුදු සමිදු දෙසු දහම හැමකල...

මල් අසුන


පිපුණු මල් ගෙන තබා ඔබ මතේ...
මුනිදු පුදදෙයි නිරතුරා...
මුනිදු පුදනා මල් රකින්නට
නිතර ඔබ වෙහෙසුනා...
පිපුණු මල් පරව යන විට
සුවද ටික ටික වියැකුණා...
පරවූ මල් විසිකරන දන
පිපුණු මල් ඔබ මතේ ඇතිරුවා...
පරවූ මල් ගෙන ඉවත යන විට
නෙතේ නැතිවට,
සිතින් ඔබ තනිව හැඩුවා....

Wednesday 18 January 2012

අම්මා,

සොදුරු ලෝ තලය මත
 ඇති නොයෙක් කම්කටලු
 උසුලනා
 මගේ ආදර අම්මා, 
නොයෙක් දුක් ගැහැට විදින නුඹ
 සිනාසෙයි
දරුවන්ගේ මුවග නැගි සිනා දැක, 
නුඹේ කදුලැලි සැගවුනේ ඇයි 
දරුවන්ගේ සැප සතු‍ටු සදනට 
මගේ ආදර අම්මේ.... 
තම දිවියද පරදුවට තියා 
වෙහෙස වන්නේ නුඹ 
දරුවනගේ ලොව එළිය කරනට නොවැ..., 
එහෙව් නුඹගේ වෙහෙස ගැන 
නොහැගුනේ ඇයි අපට.....
 නමුත් වෙහෙස විය යුතුමයි 
නුඹේ මුවගේ මෙන්ම 
සිතෙහිද.... 
සදා සැනසුම ලබා දෙන්නට.........