මගේ තැන...............................

මගේ තැන...............................

Tuesday 31 December 2013

වියපත් ගතින්-සවිමත් සිතින්

වියපත් ගතින්
සවිමත් සිතින්
යනෙනා මගින්
දෙදෙනා ලගින්
දු‍ටුවා දසුන්
බසයෙ ඉදන්
ගේ දොර බලන්
යනවා ඔවුන්

පණ සෙ අපෙ දරුවන් සැදුවා
ඇස් දෙක වගෙ උන් ‍රැකුවා
ලේ ටික කිරි සේ  මුව තැබුවා
ලොකුවන තුරා ලඟ හිටියා

ටික ටික ලොකු වෙලා දෙපයින් යනවා
පාසල් ගොසින් ඉගෙනුම ලැබ එනවා
වෙහෙසක් නොම බලා උන් ‍රැකුවා
උන් ජය ගන්න ඒ මග සරි කෙරුවා

හැම ජය ලබා උන් පෙරටම යනවා
අප හැර දමා උන් වෙනතක යනවා
අප තනි වෙලා උන් ගැන සිහිවෙනවා
දරු සෙනෙහසින් හදවත පෑරෙනවා

කල් යල්  ගෙවි දරුවන් සිහිපත් වෙනවා
දරුවන් බලන්නට නෙත් දෙක නලියනවා
මතකය ඇවිත් මැවි මැවි උන් දිස්වෙනවා
උන්ගේ වදන් ආයෙත් ‍රැව් පිලි‍රැව් දෙනවා

වැඩකටයුටතුත් දරුවන් හට බොහොම
උන්ගේ දරුවනුත් දැන් ලොකු මහත
බඩකට රකින්නට ගතයුතු වෙහෙස
අපි යමු බලන්නට සැපදුක් කොහොම

දරුවන් බලා යලි එන්නට හිතට බැරි
අපි හිටියොතින් කරදරයි උන්ට හරි
යමු අපි යලිත් අපගේ පැලට හැරි
ලොව ජයගනිව් දරුවනි සැපත පිරි

බසයෙදි දු‍ටුවා මව්පිය දෙදෙනෙකු වයස
ලග හිදගෙනයි ආවේ නොබලා වෙහෙස
දෙන්නම හිටියේ පිරිලයි සතුටින් මනස
දු‍ටු දෙදෙනා නිසා සිතුනයි මේ වෙනස





Saturday 28 December 2013

සැනසිමේ මග....

හිස පිරි කෙස් වැටිය පසෙකලා
නෑ පිරිසගෙන් ඈතටම    වෙලා
කහ වත නෑ කයට      බරවෙලා
සුපහන් සිතෙන් යයි   සැනසිලා

යන යන තැනක නෑ හිත ‍     රැදිලා
ගෙන යන දෙයක් නෑ අත     ‍රැදිලා
සිත යන දෙසයි සැනසුම සොයාලා
නැවතුම සොයයි දුකගැන පෙනීලා

හිත බර යොමන ‍රැකගන්න කෙලෙස්
ගත බර නොමැත ‍රැකගන්න    කිසිත්
රෙදි පිලි කොහිද සරසන්න     කයත්
අරුතින් පමණි ගතවන්නෙ        දවස්

තරුණයි කියා නැත කිසි මත්       බවක්
ලෙඩ නෑ කියා නැත එය හිතට     අරන්
මරණය උරුම බව නිති සිහිය       දරන්
වැඩහිද දහම් මග නිරතුරු පුහුණු කරන්

දැකගන සොදින් සැනසිමේ මග
දුක් ගිනි නිවන් සිසිලසේ     මග
සැපයම ලබන් සුගතියේ      මග
නිති හුරු කරන් සමිදුගේ     මග



Friday 27 December 2013

සොදුරුයි හුදකලාවම.....

යන එන මගදි සිත තැන තැන නවතිනවා
දකිනා ඇසෙන හැමදේ වෙත සිත් වෙනවා
නොබැදෙන් නැති සිතින් දුක් ගෙන එනවා
සිත හැමතැනදි තාමත් මට වද දෙනවා

මතකෙට අතීතය ආපසු එනවා
ආගිය ගමන් මැවි මැවි නලියනවා
සිහිනය ලෙසින් බොදවීගෙන යනවා
සතුටයි දුකයි තරගෙක සිරි ගන්වනවා

දිවියක අරුත යලි යලි සිත් වෙනවා
සැනෙකින් සියල් අමතක වී යනවා
වරදට බැදෙන සිත වලමත් වෙනවා
තනිකම සිතේ ‍රැව් පිළි‍රැව් දෙනවා

සුන්දර නිහඩ වනයට සිත් යනවා
කදු සිරසකදී තනිකම එක් වෙනවා
සොදුරුයි හුදකලාවම සුව දෙනවා
සිත නැවතිලා හද සුවපත් වෙනවා

Tuesday 24 December 2013

ගමනක නිම නොවෙයි.....

ගමනක නිම නොවෙයි
නැවතුම් පල මෙයයි
දුකනම් අත ලගයි
සැනසුම බෝ දුරයි

සැපයක්  නොම ‍රැදෙයි
දුකනම් නිති ලැබෙයි
සැපදුක මැදි කරන්
දිවියම යා යුතුයි

ඉපදුනු බව සැබැයි
මරනය උරුමයයි
ලෙඩ දුක් සමගමයි
කෙලෙවර තව දුරයි

ජරමර හරි ගොඩයි
කරදර නිම නොවෙයි
බාධක අපමණයි
යා යුතු මග මෙයයි

විටකදි සතු‍ටුවෙයි
කදුලක් දිය කරයි
සිනහව ලග නැවෙයි
තරහව ගොඩ ගැසෙයි

රාගය ගිනිගනියි
තරහෙන් පලිගනියි
මුලාව, වැඩ කරයි
සසරට ගොඩ ගසයි

යලි යලි ගමනෙමයි
නැවතුම කන වැකෙයි
එනමුදු පසෙකලයි
ආයෙත් දුක් විදියි

සබැදුම් මහ ගොඩයි
අත්හල නොහැකිවෙයි
දුකකම යලි ‍රැදෙයි
තේරුම් නොම ගනියි

මිසදු‍ටු වෙත ඇදෙයි
‍රැදි ‍රැදි පැටලවෙයි
දහමට නොම වැටෙයි
කරුමය ‍රැස් කරයි

දහමම සැකකරයි
මත තුල ගැට ගැසෙයි
නිසිමග අත හරියි
සතරට යලි වැටෙයි

බුදුහිමි දැක සොදින්
බුදුබණ සිත දරන්
මග ගෙන පියවරෙන්
පිරිසට එක් වෙයන්

Wednesday 18 December 2013

නුඹ

ගලපන පද දහසක
නොගැලපුන පදයකි නුඹ
පිපිදෙන මල් සහසක
නොපිපුන මල නුඹ
රෑ අහසෙ තරු දහසක්
නැති තරුවයි නුඹ
දු‍ටු සුන්දර හැම සිහිනෙම
නොදු‍ටුව සිහිනය නුඹ
ගී ගයනා සියොතුන් මැද
නිහඩව සිටියා නුඹ
පා තබනා ගමන් මගේ
නොගිය මගයි නුඹ
අරුත්බරම කවි සහසක
අරුතක් නැති කවියයි නුඹ
පතනා පැතුමන් තුල
නොපැතු පැතුම නුඹ
හිමිවෙන නෙත් දහසක් තුල
හිමිනොවෙනා නෙත් යුගලයි නුඹ

Saturday 14 December 2013

නුඹ හඩන හැමදාම

නුඹ හඩන හැමදාම - මම හිටියා සනසන්න
මගේ වෙන්න හැමදාම - නුඹ පැතුවා මතකයිද
පපුතුරුලේ ගුලිගැහිලා - හිටි කාලේ අමතකද
හැර දමා එ සිහින - නුඹ යන්නෙ සතුටින්ද

අත්වැල් අරන් යන්න - පැතු පැතුම් මතකයිද
තුරුලේම ගුලිවෙන්න - කී ඔබම වෙන්වෙයිද
දුරයන්න බෑ කිව - හටි තාම මතකයිද
ඒ සිහින කිසිදාක - එළිවෙන්නෙ නැතිවෙයිද

ලං ලංව ඉමු කීවේ ඇයි එහෙම
දුරයන්න හිත හැදුනෙ නුඹ කොහොම
ඒ මතක වලලන්නෙ මම කොහොම
ඒ සිහින හැරලන්නෙ ඇයි මෙහෙම


Wednesday 20 November 2013

මහා සෑය වැන්දෙමි....

සම්බුදු සමිදු ගුණ කඳ සිහිවෙන්නයි
සම්බුදු සමිදු දෙසු දම් කඳ සිහිකරගන්නයි
සම්බුදු පිරිස දිවියට ලංකරගන්නයි
තෙරුවන් සරණ හැමහට පිහිටන්නයි

පිරිනිවන් වැඩි අප මුනි සඳ සිහිවෙන්නයි
ගැමුණු නිරිඳු කල මහා සෑය වදින්නයි
ජය සිරි මහා බෝධිය දැකගන්නයි
උතුම් ධාතු වැඳ පින් කරගන්නයි

පිරිනිවනට වැඩි අප මුනිඳුගේ ධාතූ
රාම ගමේ සැ බඳ වැඩ සිටියේ ධාතූ
නා ලොව නා පිරිවර පිදුවේ ධාතූ
අපිත් වදිමු ද්‍රෝණකි මුනිඳුගෙ ධාතූ

සොනුත්තර රහත් තෙරඳු වැඩමෙවූ ධාතූ
ගැමුණු නිරිඳු කල සෑ බඳ වැඩසිටිනා ධාතූ
සිරිලක් රජයෙන් පුදලැබුවා ද්‍රෝණකි ධාතූ
අපිත් වදිමු ද්‍රෝණකි ගෞතම මුනිඳුගෙ ධාතූ

ස්වර්ණමාලි මහ සෑයේ සුවසේ වැඩ සිටිනා
ගෞතම මුනි ධාතු ද්‍රෝණකි එහි වැඩ සිටිනා
සිරිලක් මැණිගේ හඳවත වී මෙහි වැඩ සිටිනා
සාදු සාදු අපිත් වදිමු හඳ බැති ගෙන සොදිනා


Tuesday 19 November 2013

ගෙදරින් පිටත් වෙනකොට

ගෙදරින් පිටත් වෙනකොට
හරිම දුකක් දැනුනා
ගොඩාක් කාලෙකින්
දරාගන්න බැරිතරමට
මීට වසර ගණනකට කලින්
පාසල් නෙවැසියට එන්න හදනකොට
දැනුනු දුක වගේමයි....
හිතවතුන් ඊටත් වඩා අම්මාව
දාලා එන්න පුදුම දුකක්
බුදුසමිදූ දෙසූ ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්මයි
එයනම් සත්‍යක්මයි...

Monday 18 November 2013

වසරකින් නිමාව...

වසරක් සපිරිලා ඇත මේ කතාවට
විසදුම් නැතිව විසදුම් ගෙනාවට
හරි වැ‍රැද්ද කොයි හැටි උනාවට
අවසන් වෙලා ඇත මේ කතාවට

වසරකට පෙරයි මෙය සිදුවුනේ
මලගම් ගියා මේ ලෙස අකාලයේ
සය මස් බිලිදා මියා ගියා අනේ
තව අය වැ‍ටුනානේ අනතුරේ

අහම්බෙන් වගේ මේ ලොව එලිය දු‍ටු
මේ ගැන කීමටත් හිත හිරි වැ‍ටුනු
බිලිදා නිසා අලුතින් කතා ඇරඹුනු
මින් වසරකට පෙර අවසන ලියවුනු

සිතුවේ මල බිලිදා මිය ගියපු බව
අනතුරු උනු අයත් අවසන් බව
ඒනමුත් උනේ නැත ඒ සිතු බදු
බිලිදා මියගියත් අන් අය මලේ නැත

මරණා නමුත් මිය ගියේ නැත
ඉන් උනේ හානි පමනෙක
ලෙසටම ‍රැකවරන සැලසුන
තව තව තර උනා නියම ලෙස

හානිය උනත් ඉන් තරහක් නැත
මිනිමරුවට යලි හානියක් නැත
අධිකරණ යාමට අවැසි නැත
යලි මෙය වීමට ඉඩක් නැත

සිදුවූ දේ සිදුවෙලා අහවරයි
ආයෙත් වරක් නොසිදූවේමයි
සිදුවූ දෙයට පිං සිදුවේමයි
මෙතකින් සියල්ලම නිමාවයි






Wednesday 13 November 2013

සිතුනා...

සිතුනා පදවැලක් ගොතලා අමුණන්න
නැතුවා අදහසක් හිතිලා පවසන්න
එනවා සිතුවමක් ඇදිලා එක්වෙන්න
බැරුවා ඔබමිසක් කිසිවකු ලංවෙන්න

දින දින ගෙවෙනවා කාලය විගසින්න
ටික ටික සිතාලා මතකය දුරලන්න
දැන දැන අපි විදිනා දුක්ගිනි නිමවෙන්න
සිත ‍රැදි ඔබරුව මැකුවා  විගසින්න

යන යන තැනදී සිහියම ඇතිවේවා
ආයෙත් සසර මේ වැනි දුක් නොමවේවා
දහමට නතුව සැමවිට සිත් සැනසේවා
සසරෙහි යලිත් උපදිනා පව දුරු වේවා

Sunday 10 November 2013

වෛශ්‍යාව....

"ගල් ගසා මරපියෝ.
පවට යටවුනු කෙනෙකි ඈ"
කිය කියා අපහාස නන්වන
අයම යයි නැවත ඈ වෙත
දුරලාගන්න අදුරු කාලය
පෙර කලෙක සිට
පැවත ආ ලෙස .....
කරයි ‍රැකියාව ලෙසටම.....
ඇයට ගරහන නමුදු බොහොදන
ඇයම පතලා යාවි ඈ වෙත
ඇගෙ හඩ තුලින් නැගෙනුයේ
අසාධාරණයේම,
දුප්පත් කමේම,
නොදන්නා කමේම,
හඩ නොවෙද ...?
ඇයත් දුප්පත් නොවුනානම්,
ඇයටත් දහම කන වැකුනානම්,
අනෙක් කතුන් සේම ඇයත්
මෙයටම නතුවේවිද...?
පෙර කරුම අරුම ලෙස නොනැගුනිනම්.......


සිහිවටන දුන්නට

වෙනස් වූ අතීතය ඉකිගසා හඩයි
එහෙම කිවේ පෙර කලකනම් තමයි
තාම මතකය තිබුනු පලියට
ඉතිරි වේවිද දුකම පමණක්....
ඔබෙන් තොර ලොවක් නැති බවට
එදා මිමිනුවේ කවුද යන වග
නිරන්තර සිහියට නැගෙවිද
මගේ දිවියට සොදුරු මෙන් අදුරුද
සිහිවටන එක් කලේ කවුරුද
තුති පිදුවේ නැතිවට
පිනක් වෙයි මහත්සේ
මගේ දිවියට සිහිවටන දුන්නට

Friday 1 November 2013

ආයෙම

හිත තුලම ඳග කරපු
මතක පොත නැතිවෙලා
වැරදි නොකරම කෙමෙන්
දඩුකදය ඇහැරලා
ආයෙමත් දුව පනින
ඔබ එන්න ලංවෙලා

Thursday 31 October 2013

මග බලාගෙන

සඳ අදවත් එයි කියලා මග බලාගෙන උන්නේ
ඒත් සඳ අදත් ආවේ නෑ
මග දිගට කරදර කාරයෝ පිරිච්ච මේ පාර දිගේ
සඳට තියා ගිනිගන්න ඉරටවත් එන්න
මේ අය ඉඩ දෙන්නේ නෑ.
සඳට කවුරුත් කෙනෙහිලිකම් කරලවත්ද.....?
නෑ නෑ එහෙම වෙන්න බෑ..
සඳට අත තියන්න තියා....
කරදරයක් කරන්නවත් කාටවත් බෑ.
සඳ අහිංසක උනත් හරිම බලවත්....
ඒ අහිංසක සඳවට තරු පිරෙන්නේ ඒක දන්න නිසානේ...

Tuesday 29 October 2013

ජිවිතය

නිසලව හිද කෑ මොර දී මෙලොව දු‍ටු
අවිහිංසක ලෙසින් කාලය ගත කරපූ
ටික ටික ලොකුවෙමින් කෙලෙසුන් බැදුණු
ගත සිත වෙනස් වේ කල ගත කරපු

ගත ටික ටිකෙන් මොරනවා
සිත ටික ටිකෙන් කෙලෙසෙනවා
ආසාව ටික ටික වැඩිවෙනවා
තම සතු කරගන්න හැම වෙහෙසෙනවා

ඉගෙනුම අරන් ලොව ජිවත් වෙන්න
තරගෙට දුවයි අනෙකා පසුකරයන්න
හැකි අය කෙලෙස හෝ ජය ලබගන්න
ඉන් පසු නැවත මුදලට යටවන්න

අමතක වේ අතීතය ටිකෙන් ටික
දුක් ඇති විටදි පමණකි තැවීම
සැප ඇති කලදි දුක අමතක වේය
ලෙඩ දුක් මැදින් මරණය මුණගැසේය

තෙරුමක් යන්තම් ඇති කෙනා ලොවේ
සමිදුගේ දහම මුණගැසුණොත් පින පෑදේ
ඒ දම් මගේ ගිය අයටම ජය ලැබේ
සසරේ දුකට පිළිසරණක් මෙයින් සැදේ

Saturday 19 October 2013

අතීත මතක අතර

ඈතීන් ඈතට දුවමින්
අතීත මතකයන් සමගින්
කදුල සිනහව අතර සිත අතරමන් වේ
ඒදවස් සෙනෙහෙන් ලගින් උන්
බොහෝ දන,
වෙන වෙන තැන්හි
වෙන වෙනම තරගයක පැටලි ඇත...
සමහරුන්,
තවම මා වටා
මා සමගින් දුකේදී සැපේදී ලගින් හිදියි...
තවත් අය,
ඔවුනගේ කටයුතු කරගත් පසු
ඔවුනගේ ලොව වෙත නැවත ගොස්ය...
ආ ගිය උන් ගැන සිත සිතා
අතරමං වන්නේ කිම මා සිත
තමන් කලයුත්ත කල පසු
සැනසිල්ලෙන් තමන්ගේ ලොව දිනනු හැර

Tuesday 17 September 2013

පහන් තරුව...

සොදුරු මද නල හමන
සුපුන් සදවත දිලෙන ‍රැයක
තරු පිරි අහස් කුස
දහස් තරු කැල අතර
සොදුරු සුව ගෙනෙන
 කිම මේ....
පහන් තරුවට
සෙනෙහසින්
පහන් තරුවේ
සොදුරු පැහැයට
නෙතින් පමනක්ම නොව
සිතින් මෙතරම් ලංව
පහන් තරුවම පතන්නේ...
පහන් තරුවම
පහන් වෙනතුරු
මගේ ලග ‍රැදි
නිරතුරු ‍සිටීවිද.....?

Tuesday 16 July 2013

සිහින

අරුත් බර වූ අලුත් ලොවකට
සිහින පොදි බැද පැමිණි ගමනේ
සිහින ඉ‍ටුවන බවක් නොපෙනේ
සිහින ලොව තුල
අතරමං වුනිද යම්සේ
කරකවා අත හැරිය විලසට
කොහෙන් කොතනින් කෙලස
කුමකින් අත් වාරු ගන්නද
තම නැත මෙහි හමු වුනේ
එහෙත්.....
දහස් ගණනින් පොදි බැදන් ආ
ඒ සිහින ඉ‍ටුවන
මගක ඇරඹුම ගත යුතුම වේ
රළ පෙලට මැදිවී
සැලි සැලි පෙරලෙන
පහුර ලෙස නොව
නැවක යන දල  රළඳ බිදගෙන
යා යුතුම වේ නියමුවකු සේ....

Wednesday 15 May 2013

එහෙත් අද දින


අඩන දහසක් නෙත් සනසලා
තාම මතකයි සතුට දුන්
දයාබර අහිංසක මගේ හදවත

වැරදි මග යන දෙපා නවතා
අසා ඇති හරි මග පෙන්නුවා මතකයි
අහිංසක මාගේ දෑත නුඹ ගැන

නපුරු රලු වදන් නවතා
යහ වදන් පවසන්න කිවා මතකයි
අහිංසක දෙතොල් දෙක නුඹ

කා දමන රන් වටින කාලය
රනට වැඩියෙන් වටින ලෙස ගෙවන්නට
අසා තිබු දහම කියා දුන්නා මතකයි

මෙලෙක් වුනු හදක් තිබුනා
එදා මේ මට
මේ හැම කරන්නට සතොසින්

එහෙත් අද දින
නපුරු රලු වදන් පිරිලා
වැරදි මග යන අඩන මා හට
කාලයත් හරස්වී
සිතද නෑ එකගව

Friday 3 May 2013

ඇත්තක්


හිතන්න ඕනි දෙයක් ගැන කියන්න හිතුනා.මේක අපේ ලොක්කෙක් මතක් කරලා දුන්න දෙයක්.
"කෙනෙක් කාලයක් වැඩ කරමින් හිටපු තැනක ඉදලා එකපාරටම එතනට කියන්නෙත් නැතිව තව තැනකට යනවා.ඉතින් යන්නෙත් නිකන් නෙවෙයි පලවෙනි තැන හිටපු පිරිසකුත් කඩාගෙන එතනට හානියකුත් කරගෙනයි.ඉතින් අර දෙවනි තැන ඉහළ නිලධාරින් දැනගන්න ඕනි මේ කෙනා ආවේ අතන විනාශ කරගෙන ඉතින් ඒ නිසා මූ අපේ තැනත් විනාශ කරගෙන කඩාගෙන යන්න පුලුවන් කියන එක"
ඇත්ත නේද කතාව.දෙවෙනි තැන පිරිස බුද්ධිමත්නම් අර කඩාගෙන ආව කෙනා ගැන විශ්වාසයක් තියන්න හොද නෑ නේද?
මම කල්පනා කරලා බැලුවා.මේක අපේ ජිවිතයේ ගොඩක් තැන් වලට ගලපගන්න පුලුවන්.ඉතින් බුද්ධිමතුන් අවශ්‍ය තැනදි ගලපාගෙන විනාශයන් වලක්වා ගන්න.

Monday 29 April 2013

ඔබමද...


සඳ නැග එන සීත රෑ යාමේක
සිහිනයක් සේ ම'වෙත පැමිණිය
ඒ සිහිනයේ සෙයාව ඔබමද...

මා දෙනෙතට ලං වුනේ නැතිමුත්
දෙනෙත් ලග දැවටෙන
හැඩකාර රුව ඔබමද...

සවන් මත මිහිරි වදන් මුමුණා නැතිමුත්
සවන් ලග කෙදිරෙනා
ඒ හඩ ඔබමද....

හදට හදක් සෙනෙහෙන් පිදුවේ නැතිමුත්
හදේ නිති කකියනා
සිතුවිල්ල ඔබමද....

Wednesday 3 April 2013

අහස එළියයි-හිරුද බබළයි


අහස එළියයි-හිරුද බබළයි
පොලොව සාරයි-ගහකොළද දලුලයි
නදිය නිසලයි-මසුන් පීනයි
සිතේ කලබල ඇයිද මේ ලෙස

අතීතයට දුවන මේ සිත
තරහ පුරවා නැවත පැමිණෙයි
මෙතන නැවතුන මේ සිත
ආසාද පොදි බැද විදියි නෙක දුක්

බොරුව වපූරන දවස් වෙන් වෙයි
නැකත් කෙලියට නිතර යටවෙයි
හිස්  බවෙන් පිරි දිවිය ගතවෙයි
සතුටයි කියා සිතින් ලතැවෙයි

ඉරද බැසයයි- අදුර ලංවෙයි
නිහඩ නැති ගත-තවත් ආසා පොදි ගසයි
නොමැති විට සුව-ගතද වැහැරෙයි
සිතද පිරිහෙයි
දැන දැනත් මේ බැව්
තමන් හට වෙර බදියි දන
හෙටක් ගැන නොසිතාම කිසිවිට


Thursday 28 March 2013

යලිත් ආවා පුරුදු නගරෙට


වෙනස් වෙයි නිති ජිවිතේ
ගමන් මග නෑ නැවතුනේ
යන්න වෙන බව නොසිතුනේ
ඇයිද මෙතරම් කලබලේ...

සිතුවේ නැත යලි එන්න වේ යැයි
මතක අමතක කරපු නගරෙට
කැලේ දු‍ටු මල සිහිකරන් නිති
නගරේ සිතුවම බොද වුනේ

අතීතයට අත් හැරිය මේ නගරය
මතක විසිකර දැමුව නගරය
විසුරුනත් දිවිය මේ නගරයේ
දිවියෙ අරුතය දු‍ටුව නගරය

නගර මැද බොදු දනන් පුද දෙන
පිදිය යුතු දළදාව වැඩ වෙසෙ ‍රැස් දෙන
දිවිය දු‍ටු මේ සොදුරු නගරෙට
යළිත් ආවා නොසිතු මොහොතක - නොසිතු විලසින්

යලි පැමිණෙන්න හිතක් නැ තිබුනේ කොතනක
මගේ මතකය මහවැලියෙ දිය කරන්නට
ගං තෙර ඉදන් දිවිය සෙවුමට
යලිත් ආවා පුරුදු නගරෙට

Wednesday 13 March 2013

එහෙම නෙවෙයිද....?

කාලය ගෙවිලා යන්නෙ පුදුම වේගයෙන්
2013 ලැබුවේ ඊයේ පෙරේදා වගෙ
ඒත් දැන් මාස තුනක් ගෙවිලත් ඉවරයි
උනු දෙයකුත් නෑ .... කරපු දෙයකුත් නෑ....
මොනව කලත් නොකලත් කාලය නම් නවතින්නේ නෑ...
අපි කාලය යන වේගෙටම අපේ ජිවිතෙත් හරි පැත්තට හරවගෙන
වෙනසක් කර නොගත්තොත්
මහලු කොස්වා ලිහිනියන් මාලු නැති මඩ වලේ ලැගලා
හූල්ල හූල්ල හිටියා වගෙ තමයි අපෙ අන්තිම කාලය විතරක් නෙවේයි
මේ ගෙවෙන දවසක් ගානේ ඉන්න වෙන්නෙ...
එහෙම නෙවෙයිද....?


Monday 11 March 2013

අතීතය අමතකව


සෙනෙහසින් සිප ගත්තු-එකිනෙකට වෙලුණු
දෙතොල් පෙති අමතකද
ලොවට රහසේ-කාටත් නොපෙනි
තුරුලේම උන්නු හැටි අමතකද
රහසේම කොදුරලා-කනට ලංවී
ආදරයෙන් කියු වදන් අමතකද
ආදරය පුරවලා-වේගයෙන් අමුනලා
ඒවූ පණිවිඩ දැන් ලියවෙන්නෙ නැතිවදෝ

අතීතය අමතකව ගියත් ඒ ලෙසින් නුඹ හට
අමතකව නැත අතීතය මට කිසි ලෙසින් තව
ඒත් ඒ අතීතය යට ගසා යලිත් මතු නොවන සේ
අනාගතයේ දොර‍ටු හැර වර්තමානය මැදින්
යමි මගේ ගමන පෙරටත් වඩා මං
ඔබේ අරියාදුවෙන් ජවය ගෙන ඇති තරම්....

අතැඟිලි නොබැදෙන-හිත බැදි සෙනෙහස


සෙනෙහස පිරුණා හද තුල උතුරා
ලංවෙන්න බැරි වුනත් දිවිතුරා
පෙන්වන්න බෑ සෙනෙහෙ
ලංවෙන්න බැරි නිසා
ඈතක ඉදන් ඔබ දෙස බලන්
ඉන්නේ මා සැමදා
ගියත් මා ඔබ දමා-නෑ සෙනෙහෙ අඩුවෙලා
හිත තුල හිරකරන්-ඒ සෙනෙහෙ ඇත තවත්
කිසිදාක නොවෙ නිමාවක්-පිදුව ඒ සෙනෙහසෙ
තව තවත් වැඩිවුණත්-පෙන්වන්න බෑ සෙනෙහෙ
දිවිතුරා ‍රැදෙයි
අතැඟිලි නොබැදෙන හිත බැදි සෙනෙහස


Tuesday 26 February 2013

මාහද අගුලු ලමි


ගංගාවක් සේ නිබද ගලා ගිය
වෙල් එලියක් සේ සතුට සදා දුන්
සඳ එලියක් සේ සිසිල සදා දුන්
ආදරියයි ඔබ මහද පෙමක් ඉපැද්දු

නිබද සීටියයි ආදරයෙන් ලග
සිතා සිටියෙ මං නොකියාම එදවස
ප්‍රේමය නොදැකම මහද පිරී තිබු
නුඹමයි ඈතක ඉගිල ගියේ ,,,,

අපි අපෙම වී ඉමු
ආදරයෙන් දිවියම පුරවමු
කිව් යුරු මටනම් මතකය
ඔබට මතක නැතිවාදෝ

වස්සානය නිමාව ඔබ ආයෙත් ඒ යැයි
පෙරමග බල බල මා උන්
කාලය ඉගිලෙයි දැන් දැන්
මාහද අගුලු ලමි
ආදරයට යලි එන්න නොදී........

Wednesday 20 February 2013

තනිකම මැදින්

තනිකම මැදින් අතිතයට දුවන් හිත
රවටාගෙන ඉන්න බෑ වගේ
අතිතයේ දැකපු සිහින-දැන් දැන් අයෙමත්
සිහිනයක්ම නොවි
සෑබෑ කරගන්න
ඒ සිහිනෙ උන්නු නුඹව
මගේ ලගට එනකම් නෙත්
තෙමස් කලක් ගතවී මුත්
තාම මග බලයි.....

Sunday 10 February 2013

ඔබ අරන් ගොහින් ඇත



දු‍ටු නමුත් කොතෙක් අය
ආ නමුත් කොතෙක් අය
හිත ගත්ත කෙනෙක් නැත
හිත ගන්න කිසිවකුට ඉඩක් නැත
ඔබ අරන් ගොහින් ඇත
මගෙ ලග තිබුනු මා සිත



සොයනවා නෙත් තවත්

හන්තාන කදු වැටිය ඒදා වාගෙයි අදත්
මහවැලිය සිසිල් දිය ගලා යාවි අදත්
උයන් තෙර පෙම්වතුන් සුව විදි තවත්
අත් කොනේ එල්ලෙමින්
මා සමග සිටිය ඇය කොහිද සොයනවා නෙත් තවත්

සිහින කොතෙකුත් පෙන්වමින් මා ලගම
මගෙ හිත අරගෙනම මගෙ ලග උන්න
අනාගතය නෙත් කොනක මව මවා
මගෙ හිත අරගෙනම
ගියේ කොහි ඉසව්වෙද සොයනවා නෙත් තවම

Thursday 31 January 2013

බලාපොරොත්තුව


රෑ යහනෙ නිදි ලබන තෙක්
නිදිසොයන මා දෙනෙත
නිදි නැතිව සිටි විටෙක
අතීතය වෙත සිත ගියා

ඈ මා සමග සිටි
අවදියේ කී දෙයක්
සවන් ලග ‍රැව්දිදි
මගෙ මතකෙට ඈ පැමිනියා

කවි ලියන ඔය සිතට
මගෙ ගැන කවි නැතිද
කියා විමසුව අයුර
මතකයට ගොඩ උනා

ඈ දන්නේ නෑ තවම
ඈ නිසා ලිව්ව කවි
තාම මා හිත පතුලේ
ඈ මිසක වෙන අයෙක් නොමැති බව

ලියන කවි පද පද ගානේ
ඇගෙ ගැන නොකියාම
මා කිව්ව වර ගනන්
දන්නෙ මා පමනකි තව

ඇගේ ලග වෙන කෙනෙක්
ඇගේ හිත වෙන අතක
නොමැතිනම් මේ තුරා
මගේ ලොව දොරගුලුද
මගෙ හද මඩල තව
ඈ නමින් වෙන්ව ඇත
වෙන්ව ඇත....
බලාපොරොත්තුව තාම
මැකි ගොස්නම් නොමැත....

Sunday 27 January 2013

විගහින් පවසන්න


දොසක් දැකලාද මං ගැන
දුරින් දුර ගියේ හැරලාද
අතිතේ මතක නැතිවාද
සිතේ කහටක් හිටිලාද තවම

හොරෙන් මතකෙ එයිද
සිතින් ලග ඉන්නෙහිද
හිතෙ වෙනකෙක් ඇත්ද
සුවෙන් කල් යනවාද

හොරෙන් තතු විමසද්ද
වදන් ‍රැව්දෙනවාද
නුවන් නිති නලියද්ද
සිතින් කරදර නැද්ද

රුවත් මැවුනෙහිද
තනිව කල් යයිද
විසදුම තව දුරද
නිමාවක් මෙහි නැද්ද

පිලිවදන් දිය හැකි වෙයිද
විගහින් පවසන්න



Friday 25 January 2013

සැපයට හිමිකම


මල් පෙති විසිරි - මල් මැලවෙද්දි
මලේ සිරිය නැතිවෙන්නෙ
අත් ත‍ටු ඉහිරි - ත‍ටු හැලෙනා විට
මෙරුවගෙ දිවි නැතිවෙන්නෙ
එනමුත් මේ ලොව
ඇලිල තිබෙනා - බැමි ලිහෙනා දා
සොදුරු හැගුම් ඇති වෙන්නෙ
එක් වී සිටිනා හැම දින හැම තැන
අය තුල සතුටයි දුරුවන්නෙ
ලොව ඇති හැමඟින් - වෙන්වුන දවසට
සැපයට හිමිකම් ඇත්තෙ...



Tuesday 22 January 2013

මිරිඟුව


දිය බිදක් බී
පිපාසය නිමවා සොදින්
සැපයෙන්ම සිටිය හැකැයි සිතා
හිරු ‍රැසින් පිරි දහවලක පෙරදින
යන්තමින් දු‍ටු මිරිඟුවක් දැක
‍රැව‍ටුන මා ‍රැව‍ටුනා.....

එත් අද දින
හිරු ‍රැසින් බැටකන
වියලි කතරක
ඈත නොව
නෙත් මානයෙම දු‍ටු මිරිඟුව
දිය පිරුන විල් ඉමක් ලෙස නොව
මිරිඟුවක් බව
සිහිවුනා මට සිහිවුනා....

Sunday 20 January 2013

අතීතයෙන් ඔබ්බට...


අමිහිරි මතකයන් අමතකව
මිහිරි මතකයක මා ‍රැන්දු
සොදුරු සෙනෙහෙ පිරි
ඔබෙ දායාබර නෙතෙනි
මා නැවත උපන්නෙ...

කදුලු පිරුණු මගේ දෙනෙතට
සිනහව කැන්දා....
වැ‍ටුණු කදුලු පිසදාලු
ඔබෙ ඇසුර මට මහමෙරක් තරම්....

ගලන සිසිල් දිය දහරක
ගිලි නාන කල
විඩාව සංසිදෙනා විලසට
සෙනෙහෙ සපිරුණු ඔබේ දායාවෙන්
මගෙ හදේ දුක් නිවේ නිවේ දැන්.....