මගේ තැන...............................

මගේ තැන...............................

Thursday 29 December 2011

රැකවරණය සදා ගමු


තිබිරිගෙය තුලින් උපත ලැබ-මෙලොවට පැමිණ ,
සොහොන්ගෙය තුලට ගොස්-මෙලොවින් චුතව යන අප,
මේ ගමන කෙලෙවරයි කියා විටෙක සිතුවද,
නොමැත නැවතුමක් මේ සසර ගමනේ,
එක් දිවියක නිමාවක් වූවද මෙලෙස....
කෙලෙසක නම් නිමාවන්නද
මේ භයානක සසර ගමන,
සම්බුදු සමිදු දෙසණ ලද
දහමට අනුව නොහැසිර
ප්‍රමාදි බව තුලම සිටිත් නම්......
ඒ නිසා,
වෙර වඩා දහමට දිවි පුදා
ගෞතම සම්බුදු සසුන තුලම
රැකවරණය සදා ගමු අපිත්
අප්‍රමාදීව.....