මගේ තැන...............................

මගේ තැන...............................

Sunday 14 September 2014

මුතියංගණ මහ සෑය වඳින්නේ

සම්බුදු සමිඳුන් ලක් දිව වැඩි දා
ඉන්දික දෙවියන් ඇරයුම් කලදා
සමවත් සුවයෙන් සිටියා මුනිඳා
මුතියංගන සෑ වදිනෙම් පහදා

ඉන්දික දෙව් ඇරයුම පිළිගන්නේ
මුනිදුගේ දා බිඳු මුතු ඇට වන්නේ
හිස පිරිමැද කෙස් දා ලැබ දෙන්නේ
මුතියංගණ මහා සෑ නමදින්නේ

දෙව් බඹ පුදදෙන සෑය වඳින්නේ
සුදු බඳ දිදුලන සෑය වඳින්නේ
මුත්තක දාතුන් අප නමඳින්නේ
මුතියංගණ මහ සෑය වඳින්නේ

Wednesday 3 September 2014

ලඟක නැතත් ඔබ දුරක ඉදන්

ලඟක නැතත් ඔබ දුරක ඉදන්
ගතින් නැතත් ඔබ සිතම පුදන්
හිමිව නැතත් ඔබ සිතක ඉදන්
කොහොම වෙතත් ඔබ සෙනෙහේ පුදන්

ඔබේ හැඟුම් මට නොහැඟුනා නොවේ
ඔබේ වදන් මා නො ඇසුවා නොවේ
ඔබේ ලඟින් මා දුර ගියා නොවේ
ඔබේ සිතින් මා අමතක වුනා නොවේ