
Saturday, 13 August 2016
පසුවට තැවිලි නෑ මෙ ලෙසින් නම්

Tuesday, 12 July 2016
ආදරයයි මේ ආදරයයි...

පුතුගේ සිනහවයි මා දකින්නේ
ජිවිතය මගේ ඔබ පමණයිනේ
ආදර සෙනෙහසමයි උතුරන්නේ
මාගේ ලෝකය ඔබ පමණයි
සිත තුල ඉන්නෙ ඔබ පමණයි
ප්‍රාණය පිරි නිධානය ඔබමයි
ජිවිතයට ලැබු අරුතත් ඔබමයි
හදවත පිරවූ ආදරයත් ඔබමයි
ජිවන මාවත හැඩගැන්වූ කුසුමයි
උතුරා යන සෙනෙහස් ගගුලයි
ගලනා ගග සේ උතුරන ආදරයයි

Monday, 28 March 2016
අම්මා තාත්තා යන දෙදෙනා කවදාවත් නෑ වෙනතක බලලා
දස මසක්ම කුසේ දරාගෙන රැකලා
බඩගින්නට ලේ කිරි කර පොවලා
රැකගත්තේ ඇගේ ජිවිතයත් පරදා
වෙන කවුරුද මවුතුමි ඔබමයි සෙනෙහස දැනෙනා
ගතකට දැනෙන වෙහෙසක් නෑ දැනිලා
දහදිය වගුරවයි සතුටින් සෙනෙහස උතුරා
අම්මා පිටුපසින් සිටිනා ඒ සවිමත් රජිදා
වෙන කවුරුද පියතුම ඔබමයි හැමදා විරුවා
අවුරුදු ගණන් ගතවෙනවා එනමුත් රැකුම තාමත් දැනෙනා
සෙනෙහස පුදන හැටි කවදාවත් තෙරෙන් නෑ ජිවිතයත් පරදා
අම්මා තාත්තා යන දෙදෙනා කවදාවත් නෑ වෙනතක බලලා
ඒකයි කිවේ සිව් බඹ ලකුණු මවුපියෝ ලග ඇති නිතරම උතුරා
Tuesday, 22 March 2016
මතක නැද්ද මුතුමැණිකේ
කල්ලඩි පාලමට උඩින්
මඩකලපුවට ගිහින්
පාසිකුඩා වෙරල අයිනේ
සින්දු කියලා අපි නැටුවා
මතක නැද්ද මුතුමැණිකේ
ඉර බසිනා හැන්දෑවේ
ඒ දිහාව බලාගෙනම
වෙරල දිගෙ ඇවිද ඇවිද
රසබර කර කියපු කතා
මතක නැද්ද මුතුමැණිකේ
අනාගතය ගැන හීන ගොඩක්
මව මව ඔබ කියපු කතා
සුන්දර සේ අත් අල්ලන්
ඈත බලගෙනම අහන් හිටියා
මතක නැද්ද මුතුමැණිකේ
Thursday, 17 March 2016
බිදෙන රැළි අතරේ පෙන බුබුළු නැගෙනවා
බිදි බිදි රැල්ල යලි යලි ඇදෙනවා
සිප සිප වෙරළ දියඹට ඇදෙනවා
බිදි බිදි සිතත් යලි යලි හැදෙනවා
සිප සිප සනසන්න ඔබ ඉන්නවා
බිදෙන රැළි අතරේ පෙන බුබුළු නැගෙනවා
සිපින රළ වෙරලේ සොදුරු රූ මවනවා
බිදෙන හිත් මඩලේ කදුලැලිම පිරෙනවා
හැදෙන හිත් මඩල සතුටින්ම පිරෙනවා
වෙරල සේ මතක එක තැනක තියෙනවා
රැල්ල සේ සිත හැමතැනම නිතර ඇදෙනවා
වෙරල මෙන් සිතුවිලිත් නිරතුරුව පිරෙනවා
රැල්ල මෙන් සිත නිතර අලුතින්ම හැදෙනවා
Friday, 11 March 2016
දුරම තිබෙනා දෙයට සිත්වී කාලේ ගෙවුනා...
ඈත අහසෙ තනිව හිදිනා
තනි තරුව දෙසම බැලුනා
වලා අතරින් තරුව වැහුනා
තරුව අතහැර අහස බැලුනා
නැගී දිදුලන සුපුන් සද දුටුවා
සදෙන් විහිදුන සිසිල ලංව ආවා
සදෙ සෙනෙහෙන් දවස් ගෙවුවා
අහස සෙමිහිට සදෙ රූ රටා මැකුවා
සදත් පසෙකින් නැගි අහසෙම කොනක තිබුනා
හිරුත් ඇවිදින් අහස මුදුනට සදේ සිතුවම් මකා දැමුනා
හිරුගේ එලියට සිතම වසගව දිවියේ දින දින හෙමින් ගෙවුනා
අකල් වැසී වැටී ටික ටික හිරුත් මතකෙන් ඈත ඇදුනා
දුරම තිබෙනා දෙයට සිත්වී කාලේ ගෙවුනා
ලගම බලනට හිතට අමතක කරලා තිබුනා
ඇසේ ගෑවී ගෑවී ලගම මැණිකුත් හුගක් තිබුනා
මෝඩකමකට දුරක ගොස් ඇත දුකක් දැනුනා
Tuesday, 1 March 2016
අප වෙන් වෙන්නෑ කවදාවත්
අපි ආයෙත් ආයෙත් හමු නොවුනා නම්
ඉස්සර මතකය විතරක් හිත්වල තිබුනානම්
සුමිහිරි රසතැන් මතකෙට එක්වුනේ නැතිනම්
දුක්බර සිතුවිලි ඇවිදින්-
මතකය පාරන් නෑ එහෙනම්
සොදුරුව ආලය අප තුල තිබුනේ නැත් නම්
අදුරුව යන්නෑ මතකය මේ ලෙස එහෙනම්
පොඩි පොඩි දේවල් හිත් වැනසුවෙ නැතිනම්
අප වෙන් වෙන්නෑ කවදාවත් මේ විදිහටනම්
කැපවී ආලට නොකෙරී අපි හිටියානම්
අප ගැන විතරක් ඔබ මා හිතුවානම්
විරසක සිතුවිලි අප යට නොකෙරුනිනම්
කවදාවත් අප වෙන් වෙන්නෑ එහෙනම්
Monday, 15 February 2016
අපි දෙන්නා පහනයි දැල්ලයි...
අපි දෙන්නා පහනයි දැල්ලයි වාගේ
එක්වී ඉන්නේ සැමදා ආදරයෙන්නේ
ප්‍රිය සොදුරිය ඔබමයි හැමදා මාගේ
සෙනෙහස පමණයි හැමදා දිදුලන්නේ
ඔබගේ සිහිනය සැමදා මාගේ වෙන්නේ
ඔබගේ සිහිනයේ මා ජිවත් වී... ඉන්නේ
සිහිනය ඉටුවන දිනයට අපි ලං වෙන්නේ
සිහිනය ඉටුකරගන්නයි අප වෙහෙසෙන්නේ
බාධක දහසක් ආදර මාවත අහුරන්නේ
බාධක මැඩගෙන අප ඒ මාවත යන්නේ
සෙනෙහස දින දින අලුතින් දළුලන්නේ
දිවිය පුරාවට ආදරයයි අපි සනසන්නේ
Saturday, 13 February 2016
ආදරයක කදුලක්
ආදරයක කදුලක් නැති තැන් සොයලා
ඇවිද ඇවිද හැම තැන කදුලුම දුටු හින්දා
වෙහෙස වැඩිවී තිසා වැව ලග නැවතිලා
හිටි විට දුටුවා ඉසුරුමුණියේ යුවල පෙම් බැදිලා...
එදා සිට අද වෙන තුරා ආදරයෙන් බැදිලා
ඔබ දෙපළ ඉන්නෙ කොහොමද කදුලු නොසලා
අසන්නට පිය නගන විට ඔවුන් වෙත බලලා
ඇසුනේ සිහින් ඉකිබිදුම ඉසුරුමුණි පෙම්වති හඩනා
වෙලී උන්නද අපි ආදරය ලොවට පෙන්වා
පිරුණු සෙනෙහස කලින් අප සිත් තුලම රදවා
කලින් කල විරසකය සැක හැම මතුව ආවා
ඉන්න බෑ අපි අතර විරසකය දැන් වැඩිවා
Wednesday, 20 January 2016
අද සොදුරු වූ එදා අදුරු නිමේෂය
සොදුරු අතීතයේ
අදුරු නිමේෂයේ
ගිනිගත් හදවත
රිදවිය මතකය
සොදුරු නොබෝදින
පෑරුණු හදාවත
සුවපත් කරවිය
අදුරු නිමේෂය
දෑස තෙමාගෙන
කදුලු නොඑන්නට
සවිබල දුන්නේ
ඒ අදුරු නිමේෂය
සිහිවුනූ මතකය
රිදුමක් තරමට
සවියක් ගෙනදිය
අදුරු නිමේෂය
(වසර තුනකට පෙර අදුරු නිමේෂයට)
Tuesday, 19 January 2016
පෙරදින මතකය අද දින
පෙර එක් වී එකතැන එකටම සිටි මා ඔබ
අද ඇයි දෙතැනක නොහදුනනා ලෙස හිද
මතකය නළියයි පෙර සේ සිත ලග හුන් ලෙස
නපුරුව ඇයි මේ ලොව මෙතරම් කුරිරුව
සිත තුල මා මෙන් ඔබගෙද ඇත පෙර මතකය
වෙන් වී ගොස් ඇත, නොගියද වෙන් වී සිතුවිලි
දුක් වෙන මතකය පාරයි හදවත සිහිවන හැම විට
මතකය අමතක කෙරුමට පොරකයි නොවෙනා අරුමෙක
මතකය රදවා හිදිනෙමි නොබලා පෙරමග
හිත රැදී සෙනෙහස නොතලා පෙරසේ රැකගෙන
දුක්දෙන ගතවුණු කාලය නොකරා අමතක
මතු භවයකවත් යලි යලි නොපතා එක්වෙන
Friday, 15 January 2016
සතුට...
සතුට සොම්නස පිරිලා ඇති බව
සිතා ආවෙමි සොයා ඔබ වෙත
දුක්ක දොම්නස් පිරුණු සිත දැක
ඉවස ඉවසා උන්නා කලක් ගතකොට
වෙර යොදා දහඩියද වගුර වගුරා
කරන දේවල් කොතෙක් වේවිද
සතුට මොහොතයි දුකයි ඉතිරිය
කුමක් වූවද නොකර බෑ ඒ හැම
සතර අතටම ඇවිද ඇවිදා
සොයා යනවා සතුට හැමකල
මොහොතකට සතුට පිරිලා
ගෙවනවා දුක් වෙහෙස දැනිලා
කොහො කොහොමත් කෙදින කෙලෙසත්
සොයා ගිය මුත් සතුට ලැබුනද නිතර පවතින
සතුට ලැබිලා මුසවෙලා ඒ තුලම රැදිලා
හිටිය හැකිවෙද එකම විලසට කුමක එතිලා
සතුට කොයිබද ලොවේ පවතින
නිකෙලෙස් හිතයි සතුටෙ උල්පත
කෙලෙස් පිරිලා ගලන හිත් තුල
සතුට කොයිබද දුකයි උතුරන
Thursday, 14 January 2016
මිතුරු
මිතු දමින් වෙලි එක ලග එකට හිටි දා
මහමෙරයි ඔබ ගැන සිතා සිටියේ මා එදා
අනියතයි මොහොතකට අමතකව ගියදා
සිනා සුනු හැටි තාම මතකයි සේ මෙදා
අනෙක් හැම අමතකයි මිතු දමින් බැදුන දා
කලේ හැම දේ මිතුදමින් එය පෙර මගට දා
අනේ කාලය සොදුරු සිතුවම් ලෙසින් ගෙවූන දා
අමතකව සීමා සිතක සිත සොදුරු සේ ගෙවුනදා
ගෙවීගන කාලය අලුත් මිතුදම් බැදෙයි නෙක විදා
ගෙවයි කාලය අමතකයි අතීතය කොහොමදා
කලගුණය මතකයි ඒකමයි තාමත් මිතු දම් රදා
ඒත් කොහොමද අමතකව ඔබ හට සොයුරු බව මෙදා
කමක් නැත සතුටකින් නම් ඔබ ඉතා
කියන්නම් ජයක් වේවා සුව සැප පතා
සිතේ රැදී දේ රැදෙයි පෙර ලෙස සිතා
ආයුබෝවන් නැවත හමුවෙමු නොම පතා
(සිහිවුනූ අතීත සොයුරු දම් පිරි මිතු දමට)