මගේ තැන...............................

මගේ තැන...............................

Friday 15 January 2016

සතුට...

සතුට සොම්නස පිරිලා ඇති බව
සිතා ආවෙමි සොයා ඔබ වෙත
දුක්ක දොම්නස් පිරුණු සිත දැක
ඉවස ඉවසා උන්නා කලක් ගතකොට

වෙර යොදා දහඩියද වගුර වගුරා
කරන දේවල් කොතෙක් වේවිද
සතුට මොහොතයි දුකයි ඉතිරිය
කුමක් වූවද නොකර බෑ ඒ හැම

සතර අතටම ඇවිද ඇවිදා
සොයා යනවා සතුට හැමකල
මොහොතකට සතුට පිරිලා
ගෙවනවා දුක් වෙහෙස දැනිලා

කොහො කොහොමත් කෙදින කෙලෙසත්
සොයා ගිය මුත් සතුට ලැබුනද නිතර පවතින
සතුට ලැබිලා මුසවෙලා ඒ තුලම රැදිලා
හිටිය හැකිවෙද එකම විලසට කුමක එතිලා

සතුට කොයිබද ලොවේ පවතින
නිකෙලෙස් හිතයි සතුටෙ උල්පත
කෙලෙස් පිරිලා ගලන හිත් තුල
සතුට කොයිබද දුකයි උතුරන

No comments:

Post a Comment

ඔබේ අදහසත් ලියා යන්න