මගේ තැන...............................

මගේ තැන...............................

Thursday 14 January 2016

මිතුරු

මිතු දමින් වෙලි එක ලග එකට හිටි දා
මහමෙරයි ඔබ ගැන සිතා සිටියේ මා එදා
අනියතයි මොහොතකට අමතකව ගියදා
සිනා සුනු හැටි තාම මතකයි සේ මෙදා

අනෙක් හැම අමතකයි මිතු දමින් බැදුන දා
කලේ හැම දේ මිතුදමින් එය පෙර මගට දා
අනේ කාලය සොදුරු සිතුවම් ලෙසින් ගෙවූන දා
අමතකව සීමා සිතක සිත සොදුරු සේ ගෙවුනදා

ගෙවීගන කාලය අලුත් මිතුදම් බැදෙයි නෙක විදා
ගෙවයි කාලය අමතකයි අතීතය කොහොමදා
කලගුණය මතකයි ඒකමයි තාමත් මිතු දම් රදා
ඒත් කොහොමද අමතකව ඔබ හට සොයුරු බව මෙදා

කමක් නැත සතුටකින් නම් ඔබ ඉතා
කියන්නම් ජයක් වේවා සුව සැප පතා
සිතේ රැදී දේ රැදෙයි පෙර ලෙස සිතා
ආයුබෝවන් නැවත හමුවෙමු නොම පතා

(සිහිවුනූ අතීත සොයුරු දම් පිරි මිතු දමට)

No comments:

Post a Comment

ඔබේ අදහසත් ලියා යන්න