මගේ තැන...............................

මගේ තැන...............................

Tuesday 1 March 2016

අප වෙන් වෙන්නෑ කවදාවත්

අපි ආයෙත් ආයෙත් හමු නොවුනා නම්
ඉස්සර මතකය විතරක් හිත්වල තිබුනානම්
සුමිහිරි රසතැන් මතකෙට එක්වුනේ නැතිනම්
දුක්බර සිතුවිලි ඇවිදින්-
මතකය පාරන් නෑ එහෙනම්

සොදුරුව ආලය අප තුල තිබුනේ නැත් නම්
අදුරුව යන්නෑ මතකය මේ ලෙස එහෙනම්
පොඩි පොඩි දේවල් හිත් වැනසුවෙ නැතිනම්
අප වෙන් වෙන්නෑ කවදාවත් මේ විදිහටනම්

කැපවී ආලට නොකෙරී අපි හිටියානම්
අප ගැන විතරක් ඔබ මා හිතුවානම්
විරසක සිතුවිලි අප යට නොකෙරුනිනම්
කවදාවත් අප වෙන් වෙන්නෑ එහෙනම්

No comments:

Post a Comment

ඔබේ අදහසත් ලියා යන්න