මගේ තැන...............................

මගේ තැන...............................

Thursday 17 March 2016

බිදෙන රැළි අතරේ පෙන බුබුළු නැගෙනවා

බිදි බිදි රැල්ල යලි යලි ඇදෙනවා
සිප සිප වෙරළ දියඹට ඇදෙනවා
බිදි බිදි සිතත් යලි යලි හැදෙනවා
සිප සිප සනසන්න ඔබ ඉන්නවා

බිදෙන රැළි අතරේ පෙන බුබුළු නැගෙනවා
සිපින රළ වෙරලේ සොදුරු රූ මවනවා
බිදෙන හිත් මඩලේ කදුලැලිම පිරෙනවා
හැදෙන හිත් මඩල සතුටින්ම පිරෙනවා

වෙරල සේ මතක එක තැනක තියෙනවා
රැල්ල සේ සිත හැමතැනම නිතර ඇදෙනවා
වෙරල මෙන් සිතුවිලිත් නිරතුරුව පිරෙනවා
රැල්ල මෙන් සිත නිතර අලුතින්ම හැදෙනවා

6 comments:

  1. //රැල්ල මෙන් සිත නිතර අලුතින්ම හැදෙනවා//
    Nice Bro.

    ReplyDelete
    Replies
    1. thanks bro.... පුලුවන් වෙලාවට ඇවිත් යන්න බ්ලොග් එක පැත්තේ... ප්‍රතිචාරත් එක්කම

      Delete
  2. Replies
    1. ස්තුතියි... පුලුවන් වෙලාවට ඇවිත් යන්න බ්ලොග් එක පැත්තේ... ප්‍රතිචාරත් එක්කම

      Delete
  3. අගෙයි කවි ගෙත්තම.

    ReplyDelete

ඔබේ අදහසත් ලියා යන්න