කල්ලඩි පාලමට උඩින්
මඩකලපුවට ගිහින්
පාසිකුඩා වෙරල අයිනේ
සින්දු කියලා අපි නැටුවා
මතක නැද්ද මුතුමැණිකේ
ඉර බසිනා හැන්දෑවේ
ඒ දිහාව බලාගෙනම
වෙරල දිගෙ ඇවිද ඇවිද
රසබර කර කියපු කතා
මතක නැද්ද මුතුමැණිකේ
අනාගතය ගැන හීන ගොඩක්
මව මව ඔබ කියපු කතා
සුන්දර සේ අත් අල්ලන්
ඈත බලගෙනම අහන් හිටියා
මතක නැද්ද මුතුමැණිකේ
ඒ කාලේ එහෙම තමා............. ඔය නෑ කිව්වාට තාම ඕවා හිතේ ඇති......
ReplyDeleteඒකනේ අප්පා... ඒ කාලේ අමතක කොරන්න බෑනේ...
Deleteඑදා සොදුරු අතීතයේ
ReplyDeleteඅදුරු මතක වැල් පොදියේ
යමක් කමක් තිබෙන හැඩයි..
පාලු නිසල අතීතයේ..
කිසිවක් නැත හමුවූයේ
දුකක් කියා වෙන්න තියා
කිසිවක් නෑ සිදුවූයේ..
අපිට ඉතිං මොකෑ
එදා සොදුරු අතීතයේ
Deleteගොඩාක් මතකයන් පිරුනේ
ඒකනේ තාමත් ඒවා පදවැල් වෙන්නේ
පාලූ නිසල නොවූ අතීතයේ
හමුවුනී එක එක දෑ බොහොමයක්ම
දුකක් තියා වෙන්ව ගිහින්
ඒ මතකය බොහෝ දුරක්...
මොකෑ කියන්න එපා ඉතින්...