මගේ තැන...............................

මගේ තැන...............................

Friday 18 July 2014

ඔබයි ගෙනදෙන සිතේ සැනසුම

සඳත් නැගුණම අහස මුදුනට
තරුත් ලඟටම හනික එනකොට
අඳුර ටික ටික දුරට යනකොට
සතුට උතුරයි මහද නියමෙට

සඳේ එළියෙන් දසත පෙනුණම
සුළඟ ඇවිදින් සිසිල දුන්නම
හදේ උතුරන සෙනෙහේ පිරුණම
කොහොම ඉන්නද නොදැනි විලසම

දුකක් දැනුනම හදේ කොනකට
ඔබම ඇවිදින් මගේ ලඟටම
හදම සැනසෙන සෙනේ පෑවම
ඔබයි ගෙනදෙන සිතේ සැනසුම

2 comments:

  1. නිර්මාණය හරිම අගෙයි...................

    ඒත් හිතට දුකක් දැනෙන වෙලාවට අපි ළගම ඉන්න අයත් අපිව ගණන් ගත්තේ නැතුවාම හිතට කොච්චරනම් ඒක දැනෙනවාද? අපි ළග ඉන්න අයගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ අපේ දුක සතුට බෙදා ගැනීමයි. නමුත් දුකක දී ඔවුන් නොදන්නවා වගේ සිටියම හෝ ඔවුනුත් අපිට වදයක් වෙනකොට දැනෙන වේදනාව දෙගුණ තෙගුණ වෙනවා නේද????

    ReplyDelete
    Replies
    1. ස්තුතියි....
      ඇත්තටම ඔව්....එකනම් ඇත්ත...ගොඩාක් දුක දැනෙන වෙලාවට ලඟම ඉන්න අය නැත්තම් හරිම දුකයි...

      Delete

ඔබේ අදහසත් ලියා යන්න