සඳත් නැගුණම අහස මුදුනට
තරුත් ලඟටම හනික එනකොට
අඳුර ටික ටික දුරට යනකොට
සතුට උතුරයි මහද නියමෙට
සඳේ එළියෙන් දසත පෙනුණම
සුළඟ ඇවිදින් සිසිල දුන්නම
හදේ උතුරන සෙනෙහේ පිරුණම
කොහොම ඉන්නද නොදැනි විලසම
දුකක් දැනුනම හදේ කොනකට
ඔබම ඇවිදින් මගේ ලඟටම
හදම සැනසෙන සෙනේ පෑවම
ඔබයි ගෙනදෙන සිතේ සැනසුම
නිර්මාණය හරිම අගෙයි...................
ReplyDeleteඒත් හිතට දුකක් දැනෙන වෙලාවට අපි ළගම ඉන්න අයත් අපිව ගණන් ගත්තේ නැතුවාම හිතට කොච්චරනම් ඒක දැනෙනවාද? අපි ළග ඉන්න අයගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ අපේ දුක සතුට බෙදා ගැනීමයි. නමුත් දුකක දී ඔවුන් නොදන්නවා වගේ සිටියම හෝ ඔවුනුත් අපිට වදයක් වෙනකොට දැනෙන වේදනාව දෙගුණ තෙගුණ වෙනවා නේද????
ස්තුතියි....
Deleteඇත්තටම ඔව්....එකනම් ඇත්ත...ගොඩාක් දුක දැනෙන වෙලාවට ලඟම ඉන්න අය නැත්තම් හරිම දුකයි...