මගේ තැන...............................

මගේ තැන...............................

Tuesday 22 March 2016

මතක නැද්ද මුතුමැණිකේ

කල්ලඩි පාලමට උඩින්
මඩකලපුවට ගිහින්
පාසිකුඩා වෙරල අයිනේ
සින්දු කියලා අපි නැටුවා
මතක නැද්ද මුතුමැණිකේ

ඉර බසිනා හැන්දෑවේ
ඒ දිහාව බලාගෙනම
වෙරල දිගෙ ඇවිද ඇවිද
රසබර කර කියපු කතා
මතක නැද්ද මුතුමැණිකේ

අනාගතය ගැන හීන ගොඩක්
මව මව ඔබ කියපු කතා
සුන්දර සේ අත් අල්ලන්
ඈත බලගෙනම අහන් හිටියා
මතක නැද්ද මුතුමැණිකේ

4 comments:

  1. ඒ කාලේ එහෙම තමා............. ඔය නෑ කිව්වාට තාම ඕවා හිතේ ඇති......

    ReplyDelete
    Replies
    1. ඒකනේ අප්පා... ඒ කාලේ අමතක කොරන්න බෑනේ...

      Delete
  2. එදා සොදුරු අතීතයේ
    අදුරු මතක වැල් පොදියේ
    යමක් කමක් තිබෙන හැඩයි..

    පාලු නිසල අතීතයේ..
    කිසිවක් නැත හමුවූයේ
    දුකක් කියා වෙන්න තියා
    කිසිවක් නෑ සිදුවූයේ..

    අපිට ඉතිං මොකෑ

    ReplyDelete
    Replies
    1. එදා සොදුරු අතීතයේ
      ගොඩාක් මතකයන් පිරුනේ
      ඒකනේ තාමත් ඒවා පදවැල් වෙන්නේ

      පාලූ නිසල නොවූ අතීතයේ
      හමුවුනී එක එක දෑ බොහොමයක්ම
      දුකක් තියා වෙන්ව ගිහින්
      ඒ මතකය බොහෝ දුරක්...

      මොකෑ කියන්න එපා ඉතින්...

      Delete

ඔබේ අදහසත් ලියා යන්න