මගේ තැන...............................

මගේ තැන...............................

Sunday 6 April 2014

මුහුණ දකින්නයි.....

මෙතුවක් කල් මා බලාන උන්නේ
සෙනෙහස සපිරුණු - ආදරේ උතුරන
මුහුණ දකින්නයි ....
ඔබගේ මුහුණ දකින්නයි

අදුරු කුටිය තුල මා ‍රැදුනා
කිසිම දෙයක් මට නොම පෙනුනා
සෙනෙහස පමණක් මට දැනුණා
මා සුරකින බව නිති දැනුනා

මෙතුවක් කල් මා ....

කන බොන දේ ගුණ බැලුවා
යන එන තැන් ඔබ ‍රැකුණා
මා ‍රැකගන්නට නිති සිතුවා
ආදර සෙනෙහස මට පිදුවා

මෙතුවක් කල් මා ....

No comments:

Post a Comment

ඔබේ අදහසත් ලියා යන්න