මගේ තැන...............................

මගේ තැන...............................

Saturday, 29 March 2014

සාදු සාදු අපි මුනි සිරිපතුල වදින්නේ

සුමන සමන් දෙව් ඇරයුම පිළිගන්නේ
බුදුසමිදුන් සමනොළ කදු සිරස වඩින්නේ
වම් සිරිපා සමනොළ ගිරි හිස පිහිටන්නේ
අපිත් ගොසින් බැතියෙන් සිරි පාද පුදන්නේ

කදු පාමුලදිම අප තෙරුවන් නමදින්නේ
වැඩ සිටිනා දෙවියන් හට පින් පමුනන්නේ
සිරිපා කරුණා කෙරුමට අපි එක්වන්නේ
සාදු සාදු ගෞතම මුනි සිරි පතුල වදින්නේ

සීත ගඟුල වෙතටයි අපි දැන් ලං වෙන්නේ
සීත දියෙන් නාලා පිරුවට අඳිමින්නේ
සීත ගඟුල ලඟ සැඳැහෙන් පහන් පුදන්නේ
මුනි සිරිපා නමදින්ටයි හිමේ නගින්නේ

ඉදික‍ටු පානෙදි ඉඳික‍ටු නූල් පුදන්නේ
හැරමිටි පුදලා අපහසු බව බිඳිමින්නේ
ඉදික‍ටු එල්ලා කොඩුවේ යන සම එන්නේ
මුනි සිරිපා නමදින්ටයි අපි දැන් යන්නේ

අහස් ගව්ව සිත බැතියෙන් පසු කරමින්නේ
මහගිරි දබ හෙමි හෙමිහිට නැගගෙන යන්නේ
උඩ මලුවට අප නඩ දැන් ලං ලං වන්නේ
සිරි පා පියුමයි හිමියනි අපි නමදින්නේ

මහන්සි නොබලා සමනොළ සිරසට ආවේ
අප මුනිදුගේ මුදු ගුණමයි සිත මතු වූවේ
සීතල සුලඟත් ගත සිත වෙහෙසම නිවුවේ
මුනිදුගේ වම් සිරි පතුලයි අපි නැමදුවේ

මහන්සි නොබලා සිරිපා කරුණා කෙරුනේ
සීතල නොදැනෙයි බැතිබර බවමයි දැනුනේ
මළුවට ගොස් මගේ බුදු සිරි පාද දකින්නේ
සිත පහදාගෙන අපි සිරි පතුල වදින්නේ

සාදු සාදු අපි මුනි සිරිපතුල වදින්නේ

No comments:

Post a Comment

ඔබේ අදහසත් ලියා යන්න