මගේ තැන...............................

මගේ තැන...............................

Thursday 10 April 2014

ඔබ හිත මවෙත නම් මා වෙත පැමිනෙන්න...

දු‍ටු දා ඉදන් සිත බැදුනා ඇයි              මංදා
බැලු දා ඉදන් නෙත ඔබ වෙත උනි   රන්දා
යන යන තැනදි ඔබ මතකෙට එයි  කැන්දා
හිත දුක පිරේ ඔබ හට නොදැනුනු    හින්දා

මට විතරක්ද මේ සෙනෙහස ඇති   දැනිලා
ඔබ හට නොමැතිදෝ එය හිත තුල  වැදිලා
කිසි දින නොමැතිදෝ ඔබ ඒ ගැන  සිතලා
බැරි වද හිතන්නට ටිකකට හිත   යොමලා

දකිනට පෙරුම් පුරනව නෙත ඔබේ මුහුණ
අසනට පෙරුම් පුරනව කන ඔබේ    වදන
වදිනට පෙරුම් පුරනව    ගත ඔබේ  පවන
හිදිනට පෙරුම් පුරනව මා ඔබෙ    සෙවන

ඔබ හිත වෙනකෙකුට නම් එය    පවසන්න
ඔබ හිත ඉඩක් මට නැතිනම් එය  පවසන්න
ඔබ හට සැකක් ඇතිනම් එය       විමසන්න
ඔබ හිත මවෙත නම් මා වෙත  පැමිනෙන්න

No comments:

Post a Comment

ඔබේ අදහසත් ලියා යන්න