මගේ තැන...............................

මගේ තැන...............................

Saturday 15 March 2014

අයියා නැතිව මට පාලුයි අම්මේ

මගෙත් එක්ක සෙල්ලම් කල අයියා
මගේ ලගින් ආදරයෙන් හිටි අයියා
‍රැකවරනෙට හිටි මගේ ආදර අයියා
කහ සිවුරක් පොරවගෙනනේ අයියා

දුව පැන ඇවිදපු මගේ ආදර අයියා
රණ්ඩු කලෙත් මගේ ආදර අයියා
ගී පදවැල් කියා දීපු මගේ ආදර අයියා
අද නිහඩව ඉන්නේ ඇයිද අයියා



ගිහිගේ ගිනි දැක ගත්තද අයියා
සසර දුකක් එය දැනුනද අයියා
බැඳුම් බිඳන් ගියේ ඇයිද අයියා
සසර දුකින් අත්මිදියන් අයියා

ගෙදර හිටපු යාලුවාය අයියා
පාලු නැතිව අපි හිටියේ අයියා
අද ගෙදරම හරි පාලුයි අයියා
ආයෙ කවුද මගේ තනියට අයියා



ගෙදර යන්න එන්නෙ නැද්ද අයියේ
දඟ කරන්න එන්නෙ නැද්ද අයියේ
දාලා යන්න හිතට දුකයි අයියේ
අයියා නැතිව හරි පාලුයි අයියේ





අයියා ලඟ හරි සිසිලයි අම්මේ
අයිය ලඟ හරි සුවදයි අම්මේ
අයියා නැතිව මට පාලුයි අමේ
අයියා නැතිව මට පාලුයි අම්මේ

No comments:

Post a Comment

ඔබේ අදහසත් ලියා යන්න