මගේ තැන...............................

මගේ තැන...............................

Thursday 6 March 2014

තාම සිතේ.....

තාම තිබේ සෙනෙහස පෙර ලෙස පවතිනවා
තාම සිතේ ඔබගැන හැඟුමන් යළි දලුලනවා
තාම නැතේ වෙනතැනකට හිත ඇදිලා යනවා
තාම නැතත් කවදාහරි ඔබ ආපසු ලං වෙනවා

සීත සුළඟේ වැසි අතරින් ගියදා සිහිවෙනවා
එක කුඩයේ ගුළිගැහිලා හිටිහැටි සිහිවෙනවා
අතඟිල්ලක එල්ලී ගියහැටි මතකෙට ලංවෙනවා
එකම සිතින් සිපගත් මුව ආයෙත් සිහියට එනවා

ආදරයෙන් වැව රවුමේදි හමුවුනදා
මහ වැස්සේ එක කුඩයෙන් නොතෙමුනදා
තුරුලෙ හිදන් පෙම් මල් දම් පැලදුවදා
සිහිවන විට නෙත කදුලින් බරවනදා

අත්වැල් ගෙන වැව රවුමේ අපි හිටියා
මල්වත්තේ තුරුල් වෙලා ලඟ හිටියා
ආදරයෙන් පෙම්බස් ගෙන අපි දෙඩුවා
ආදරයෙන් සිහින ලොවක් අප තැනුවා


No comments:

Post a Comment

ඔබේ අදහසත් ලියා යන්න