මගේ තැන...............................

මගේ තැන...............................

Wednesday 26 March 2014

මා ආදරේ ඔබ විතරක් වෙන්න.....

දඟකරමින් හිත ඇතුලට ඇතුල්වෙලා
කිතිකවමින් හිත ඇතුලෙම නතරවෙලා
දිනගෙවමින් හිත හොරෙන්ම ‍රැගෙනගියා
නොසඟවමින් කියා දෙන්න කවුද ඔයා

මටත් හොරා මගේ හිතම අරන් ඔයා
මටත් හොරා මගේ වෙලා ඉන්න ඔයා
මටත් හොරා යලිත් වරක් ආපු ඔයා
මටත් හොරා යලිත් වරක් යයිද ඔයා







හිත ඇතුලෙන් යලි හැඟුමන් පුබුදිනවා
හිත ඇතුලෙන්  මා.. අසලින් නවතිනවා
හිත ඇතුලෙන් ඔබ ඇවිදින් සනසනවා
හිත ඇතුලෙන් ඔබහට ඉඩ වෙන්වනවා

මා අසලින් හැමදාමත් ඔබ ඉන්න
මා සනසා සෙනෙහස මට දෙන්න
මා අතහැර ඈතක නොම යන්න
මා ආදරේ ඔබ විතරක් වෙන්න



4 comments:

  1. සිත ඇතුලෙ සිනාසෙන...
    ඇස ඇතුලින් දිලිසෙන
    ඔබේ නෙතු දැක පිනායන
    ඔබ කෙරේ මා සිත අලෝගෙන

    ReplyDelete
  2. //මා ආදරේ ඔබ විතරක් වෙන්න//

    හැමෝම කැමති ඔන්න ඔය දේටනේ..

    ReplyDelete

ඔබේ අදහසත් ලියා යන්න