මගේ තැන...............................

මගේ තැන...............................

Saturday 15 March 2014

අමුතු විලසට

ගෙවෙන දින දින
ඇසෙන හැම දෙය
දකින හැම තැන
බොරුව මතුවී
ඇත්ත සැඟවී
වෙනස්කම ඇත
අමුතු විලසට

තරඟ පිටියක
තරඟ වදිනා
තරඟකරුවන්
වෙලා හැම දෙන
වෙහෙස නොබලා
තරඟ වැදිලා

මිනිස් ගුණ දම්
සුලඟේ පාවී
ඈත ගුවනට ඉගිලිලා
නොමිනිස්දම් මැද
මිනිස්කම ඇත
පතුලේ ගිලිලා

වැරදි කලවුන්
සැපයෙ ගිලිලා
වැරදි නැතිවුන්
දුකේ වෙලිලා
ආයෙ ලඟ නෑ
හොදට ඉඩ නෑ
නරක ඇත බැබළිලා..

2 comments:

  1. ඔන්න මචං ලෝකේ! හැබැයි ඔය මොකුත් ගණන් ගන්නේ නැතිව හොඳ කරගෙන හිටියොත් කවදා හරි ආපහු කල හොඳ පස්සෙන් එලවාවී.

    ReplyDelete

ඔබේ අදහසත් ලියා යන්න