මගේ තැන...............................

මගේ තැන...............................

Friday 23 January 2015

සොඳුරු සෙනෙහස ලඟින් වෙන්කර - කොහොම ඉන්නද සැනසිලා....

පිපුණු නාමල් කුසුම් කුමටද
සුවඳ නැත්නම් අවට විහි‍ඳෙන..
අබර ඉඟිලෙන සියොත් කුමටද
ඇසෙන් නැත්තම් විහඟ ගී හඬ...
අවට විහිදුණු ඉවුරු කුමටද
පිරී නැත්තම් ගලන දියකඳ...
මෙවන් දිවියක අරුත් කුමටද
ලඟින නැත්නම් පිරුණු සෙනෙහස...

හිතක නළියන හැඟුම් ගුලිකර
කොහේ යන්නද සැඟවිලා...
අරුත පසිදන වදන් අතහැර
කෙලෙස ඉන්නද වෙන්වෙලා...
දෙනෙත් පිනවන දසුන් මඟහැර
කෙලෙස ඉන්නද නෙතුපියා...
සොඳුරු සෙනෙහස ලඟින් වෙන්කර
කොහොම ඉන්නද සැනසිලා....

කඳුළු මතුවෙන නෙතක් කුමටද
දුකක් නැත්තම් හිතේ තෙරපෙන...
සිනහා පිටවෙන මුවක් කුමටද
සතුට නැත්නම් සිතක තෙරපෙන...
නිතර යොමුවෙන සවන් කුමටද
රසය නැත්නම් අවට ‍රැව්දෙන...
මෙවන් දිවියක අරුත් කුමටද
ලඟින නැත්නම් පිරුණු සෙනෙහස...

5 comments:

  1. අබර ඉඟිලෙන සියොත් කුමටද/// ?????
    අබර නෙවී නේද අඹර වෙන්න ඕන...
    සමහර තැන් වල අකුරු වල දෝෂ තියෙනව...
    කවිය ලස්සනයි....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. වැ‍රැද්ද පෙන්වා දුන්නාට ඒක හදන්නම්...

      Delete
    2. දෝෂ තියෙන ඒවා කියලා දෙන්න

      Delete
  2. කවියේ ලස්සනනම් කියලා නිම කරන්න බැහැ.... ජීවිතයේ අරුත කිම ඔබ නැති සද....................

    ReplyDelete

ඔබේ අදහසත් ලියා යන්න