මගේ තැන...............................

මගේ තැන...............................

Sunday 22 February 2015

පෙම් බැදි සිත....

සෙනෙහස තිබුණමුත් උතුරා හිත පතුලෙන්න
කොහොමත් නොහැක තනියම එය ලැබගන්න
ආදරේ ලැබෙනවිට එය නිසි ලෙස පිලිගන්න
කිසිලෙස එපා එය නැතිවෙන මග ගන්න

වට පිට ප්‍රශ්න ඇයි එය හා යා කරගන්නේ
වෙන අය වෙතින් නොව එය නැතිවන්නේ
කරනා දෙයිනි එය ඔබ නැතිකරගන්නේ
පසුවට පසුතැවෙන වැඩ ඇයි මේ කරගන්නේ

හිත ‍රැදි සෙනෙහස නෑ කවුරුත් හදුනන්නේ
පෙන්වන විටයි එය හොදහැටි දැනගන්නේ
පෙන්වන හැමම ඇත්තක් නොමවෙන්නේ
හිත තුළ තිබෙන දේ කොහොමද දැනගන්නේ

කල් ගත වන විටදි ටික ටික පෙනෙමින් යන්නේ
එනමුත් නොමැත එය හරිහැටි හදුනා ගන්නේ
සිහියෙන් බැලුවොත් සෙනෙහස දැන ගන්නේ
පෙම් බැදි සිතට කොහේ සිහියක් පැමිනෙන්නේ

හැමදේ අනියතයි එය හරි හැටි දැනගන්නේ
ඇත්තක් නොදැන විටදියි දුක ලංවෙන්නේ
නිසිලෙස සිහිය උපදා ඇත්තම දැනගන්නේ
එවිටයි ලොවේ නිසි ජය දිවියට හිමිවන්නේ

7 comments:

  1. අපූරුයි මචෝ
    ජයවේවා

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. ///හැමදේ අනියතයි එය හරි හැටි දැනගන්නේ
    ඇත්තක් නොදැන විටදියි දුක ලංවෙන්නේ//

    නියමයි බං....

    ReplyDelete
  4. අසිහිහෙන් ආදරය කරන්න ගිහින් ජීවිත අවුල් කර ගන්න හදන අයට අපූරු උපදෙස් ටිකක්!

    ReplyDelete
    Replies
    1. හම්.. හම්....
      ස්තුතියි....

      Delete

ඔබේ අදහසත් ලියා යන්න