ඇවිදිනු හිදිනු බෑ පා යුග වෙව්ලනවා
අහු වෙන්නෑ කිසිවක් අත් වෙව්ලනවා
සවිබල නෑ ගතද දැන් වක් වී යනවා
වයසයි මා දැන් ටික ටික වැහැරි යනවා
දිදුලුණු සමත් ටික ටික රැලි ගැන්වෙනවා
දත් ටික වැටිලා මුහුණත් ටික ටික වැහැරෙනවා
සවිමත් ගතත් දැන් ටික ටික දුබලව යනවා
වයසයි මා දැන් ටික ටික වැහැරි යනවා
හොදහැටි පෙණුනු ඇස් දෙක නොපෙනෙනවා
සවනට වදන් පෙර මෙන් දැන් නො ඇසි යනවා
ගද සුවදවත් පෙර සේ නොදැනි මා දුබලව යනවා
වයසයි මා දැන් වයසින් ටික ටික බැට කනවා
ගත දුබලව ගියත් සවිබල දුබලව යන දාට
සිතනම් සවිමත්ය පෙර දා ඇසු බුදු බණට
වයසින් වැහැරී මරණය මා වෙත ආ දාට
රැකගත් බුදු වදන් පමණයි පිළිසරණකට
නිර්මාණය හරිම අගෙයි........ පද ගැලපීම අගෙයි.........
ReplyDeleteසුභම සුභ නව වසරක් වේවා................
දිරි ගැන්වීම් වලට බොහොම ස්තුතියි යාලුවනේ....
ReplyDeleteඔබටත් සුබම සුබ නව වසරක් වේවා!
අපූරුයි මචෝ.................
ReplyDeleteලියාපන් දිගටම එංඥං අපිත් දිගටම
ජයෙන් ජයම වේවා
ස්තුතියි මචෝ...!
Deleteඑල එල ...
This comment has been removed by the author.
ReplyDelete