මගේ තැන...............................

මගේ තැන...............................

Sunday 14 September 2014

මුතියංගණ මහ සෑය වඳින්නේ

සම්බුදු සමිඳුන් ලක් දිව වැඩි දා
ඉන්දික දෙවියන් ඇරයුම් කලදා
සමවත් සුවයෙන් සිටියා මුනිඳා
මුතියංගන සෑ වදිනෙම් පහදා

ඉන්දික දෙව් ඇරයුම පිළිගන්නේ
මුනිදුගේ දා බිඳු මුතු ඇට වන්නේ
හිස පිරිමැද කෙස් දා ලැබ දෙන්නේ
මුතියංගණ මහා සෑ නමදින්නේ

දෙව් බඹ පුදදෙන සෑය වඳින්නේ
සුදු බඳ දිදුලන සෑය වඳින්නේ
මුත්තක දාතුන් අප නමඳින්නේ
මුතියංගණ මහ සෑය වඳින්නේ

1 comment:

  1. ඉන්දික දෙවියන් ගැන විස්තර දෙන්න 0777207230

    ReplyDelete

ඔබේ අදහසත් ලියා යන්න