සිත මගේ බිඳිලා
ඈ. දුර ඇඳිලා
තනිකම දැනිලා
වැසි දිය වැටුණා
වැව් දිය පිරුණා
සිත මගෙ හැදුණා
ඈ ලඟ රැදුණා
සෙනෙහස දැනුණා
තනිකම මකලා
සිත මගේ හදලා
සෙනෙහස පුදලා
මා වෙත රැඳිලා
තුරුලට ඇදිලා
සෙවණක රැදිලා
පෙම් සුව දැනිලා
ඈ වෙත ඇදිලා
සඳ සේ අහසට
සොදුරුයි ම'හඳට
සඳමයි ඔබ මට
දිලෙනා සැම විට
නොදනෙමි අනුහස
පතුරමි මදහස
පුදනෙමි සෙනෙහස
රැකගමි පණ ලෙස
No comments:
Post a Comment
ඔබේ අදහසත් ලියා යන්න