මගේ තැන...............................

මගේ තැන...............................

Saturday 28 June 2014

ආයෙත්......

තනිකමේ අපුරුව ආයෙත් දැනුනා
තනිකම ආයෙත් මා වෙත ඇදුණා
සුන්දර සිතුවිලි සිත වෙත පිරුණා
මා හද නිසලව ආයෙත් දිලුණා

කරදර ටික ටික අඩුවණු දැනුණා
සිත් මල විකසිත වනු මට දැනුණා
මතකය නිහඩව හැමතැන ඇදුණා
මිහිරිව මට මගේ ලොව පෙනුණා

නිල් දිය මා ගත දාහය නිවුණා
මල් වල සුවදින් ගත සිත පිරුණා
ගීයක මිහිරිය සවනත වැදුණා
ආයෙම සුවබර සිතුවිලි සිතුණා

2 comments:

  1. ජීවිතේ ඔහොම තමා... . දුක දැනෙනවා අපි ආයෙම පටන් ගන්නවා. ඒක තමයි ජීවිතේ......

    සුභ පැතුම්.....

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත....
      බොහොම ස්තුතියි

      Delete

ඔබේ අදහසත් ලියා යන්න