අපගේ ගෞතම සොදුරු මුනිදුගේ සසුන ලොව බැබලුනා
කිඹුල්වත වැඩිය දා සයක් කුමරුන් සසුන වෙත පැමිණුනා
පිනා යන අමිතෝදනය රජ පුතු ආනන්ද ලෙස නම්වුනා
ඒ සොදුරු ආනන්ද හිමිගේ වත කියන්නට මට සිත් වුණා
සියලු දම් පද දරා ඉන්නා භාණ්ඩාගාරය නම් දරා
බහු සුතයෙන් ගොයුම් සසුනේ අගතැන ඇත
දරා
විසි පහක් වසරම ගොයුම් මුනි හට උවටැන් කරා
මතක බලයෙන් අග තැන ලබයි හිමි සසරේ පින් පුරා
ආවේ පෙරුමන් පුරාගෙන පියුමතුර බුදු සසුනේ පටන්
සුමන නම් හිමි කරයි උවටැන් බුදු සමිදුගේ ලඟ හිටන්
පැතුවේ අගතැන් බුදු සමිදු හට වැද පුදා එදවස පටන්
පැතුම ලෙස කල්ප ලක්ෂෙක අවා දෙව් මනු ලෝ සිටන්
සමිදු ගෞතම මුනි පිරිණිවෙයි තාම නැ නොව සසරෙන් ගැලවුමක්
හැඩුම් මැද හිද මුණිදු වැදගෙන දුක් වුනේ දැනිලා නොව තනිකමක්
වෙර වඩාගෙන දිරි ලබාගෙන දහමෙන් සිතට ගත්‍තා සැනසුමක්
සතර ඉරියව්ව අතහැර අනද හිමි සිත නිවා දැම්මේ ගිනිගොඩක්
සංගායනා කරමින් ගැට ගසා දම් මාලයක්
කසුප් හිමි සමග හිමි කලේ යස යුතුකමක්
පුදකරමු අපි අසා සැනසෙන විට දම් පොදක්
සමිදු නාමෙට පුදමු අපි හදා මල් මිටි ගොඩක්
එකසියකුත් තව වැඩිපුරයි විසි වසක්
රෝහිණි ගග මැදදී පිරිනිවෙයි සේ සදක්
දෙපස බෙදුනා ධාතු හිමි කල අදිටනක්
සදා වදිනෙමු අනද හිමි ගුණ මහමෙරක්
No comments:
Post a Comment
ඔබේ අදහසත් ලියා යන්න