මගේ තැන...............................

මගේ තැන...............................

Friday 14 February 2020

ඔවදනක්

ඕනෑ නැති විටකදි විදුලි බුබුලක් නිවලා යන්න
අපතේ යන්න දෙනු ඇයි ජල සම්පත සුරකින්න
වටිනා කමක් ඇති සීමීත මේ දේවල් රැකගන්න
වැඩිහිටි සැවොම ආදර්ශයෙන් මේ පෙන්වා දෙන්න

ගහ කොළ ඇළ දොළේ අගය හැමවිට පහදන්න
පරිසරයත් සමග ජිවත් වෙන හැටි කියලා දෙන්න
සතා සීපාවට මෙත් කරුණාවෙන් නිති සලකන්න
එය මග වේය යහපත් හෙටකට ලක දිදුලන්න

පොදු දේපල කඩලා බිදලන්න එපා
පොදු දේවල් සොරකම් කරනු එපා
යන යන තැන කුණු කර දමනු එපා
තිරිසන් සතුන් සේ වැඩ කරනු එපා

ණුවණැති අයගේ ඔවදන් නිති අසාගෙන
යන මග හදාගනු ජය ටැඹ සොයාගෙන
අසරණ අයත් කරුණාවෙන් බලාගෙන
සිට පුත හිතට එකඟව වැඩ කරාගෙන

යුතුකම් වඟකීම් හැම නිති ඉටු කරනු පුත
ලැබුණත් ගැරහුම්ම ලෝකෙන් ඉවසනු සිත
සවිමත් වෙමින් ඔසවනු වරදට එරෙහි අත
යහපත් ගුණ දහම් මිස නොයනුව වරද වෙත

No comments:

Post a Comment

ඔබේ අදහසත් ලියා යන්න