මගේ තැන...............................

මගේ තැන...............................

Monday 26 November 2018

අපේ අම්මා

ටිකෙන් ටික ලෝකයට යද්දි
අහිමිවූ පිය සෙනෙහසත් පුරවා
අඩුව නොමැතිව හැම දේම සපුරා
මුවග සිනහ නිතර තබලා
දිරිය දුන්නා ලොවට යන්නට
ගොර දුක් කද සගවා අපි හැදු
මහ වෘක්ෂය ඔබම පමණයි
අනේ ආදර අපේ අම්මා...

ගෙවාගෙන ජිවිතය තනියම
සතුට අතරම අපව තියලා
අඩු කලේ නෑ කිසි දෙයක් අපහට
ලෝකයේ ජයටැඹ වෙතට යන්නට
අපව දිරිමත් කල ඔබ
ජය ලබන අප දෙස සතුට වපුරන
මහ මේඝය ඔබම පමණයි
අනේ සුන්දර අපේ අම්මා...

(මාගේ අත්දැකීමක් නොවේ)

No comments:

Post a Comment

ඔබේ අදහසත් ලියා යන්න