පහලොව පිරෙන විට වැඩි විය පැමිණෙන්නී
යන්තම් ලොවට පා තබමින් පිය නගමින් නී
කුතුහලයටයි වැඩි ඉඩ නෑ ලොව ගැන දන්නී
මවු පිය ඇසුර තුල පමණක් රැකවල් ගන්නී
මුහුණට පැහැය වැටිලා පැහැපත් වන්නේ
ඉඟ සුඟ හැඩය ලබමින් බැල්මන් ගන්නේ
තිබිරිය ගෙඩිය ලෙස ළය හැඩ ලබමින්නේ
ලොවටම ගොදුර ලෙස වයසින් මෝරන්නේ
හැමතැන බැල්ම වැටෙමින් ඇත වහ වැටිලා
කවුරුත් නොවේ නුඹෙ රැකවල් ගැන සිතලා
රවටා ගන්න බෝ දෙන එන්නේ බස් ගොතලා
වයසත් හොද මදිය නුඹ යයිදො ඒ බස් අසලා
මවුපිය සොහොයුරන් ලෙස නැත කාගෙත් රැකවරණේ
සොයමින් එන්නෙ ගොදුරට ඇදෙන සතු ලෙස වන අරණේ
හසු වුනු දාට අවසන් වෙයි මියදෙන ලෙස පිඹුරාගෙ දරණේ
පුලුවන් ලෙසට නැගණිය හනිකට පලයන් තිසරණ සරණේ
සිත තුල නිතර මවු පිය ගුණයම දරමින්නේ
සිල්පද නිතර රැකගෙන බඹසර රකිමින්නේ
ලොව යන මගට නොව හරි මග බලමින්නේ
යා යුතු වේය නැගණිය ජයටැඹ බලමින්නේ
එන එන අසංවර මෝස්තර හැම අල්ලා ගන්න එපා
පෙන්විය යුතු දේ මිසක් සඟවන දේ පෙන්වන්න එපා
තම චරිතයට කවදාවත් කලු පැල්ලම් ගාගන්න එපා
හොද නම නැතත් නරකක් කගෙන්වත් ගන්න එපා
රැවටි ලොවට වටිනා දිවිය නැති කර ගන්න එපා
මවුපිය ගුරුවරුන් වටිනාකම් අත් හැරගන්න එපා
ශිල්පය ලබනා මග කවදාවත් වලකා ගන්න එපා
කොතනක ගියත් ණුවනැති දොස් ලැබගන්න එපා
No comments:
Post a Comment
ඔබේ අදහසත් ලියා යන්න