මගේ තැන...............................

මගේ තැන...............................

Monday 15 February 2016

අපි දෙන්නා පහනයි දැල්ලයි...

අපි දෙන්නා පහනයි දැල්ලයි වාගේ
එක්වී ඉන්නේ සැමදා ආදරයෙන්නේ
ප්‍රිය සොදුරිය ඔබමයි හැමදා මාගේ
සෙනෙහස පමණයි හැමදා දිදුලන්නේ

ඔබගේ සිහිනය සැමදා මාගේ වෙන්නේ
ඔබගේ සිහිනයේ මා ජිවත් වී... ඉන්නේ
සිහිනය ඉටුවන දිනයට අපි ලං වෙන්නේ
සිහිනය ඉටුකරගන්නයි අප වෙහෙසෙන්නේ

බාධක දහසක් ආදර මාවත අහුරන්නේ
බාධක මැඩගෙන අප ඒ මාවත යන්නේ
සෙනෙහස දින දින අලුතින් දළුලන්නේ
දිවිය පුරාවට ආදරයයි අපි සනසන්නේ

6 comments:

  1. හොදයි..............

    ReplyDelete
  2. ලස්සනයි දිගටම ලියන්ඩෝ

    ReplyDelete
  3. ස්තුතියි... පුලුවන් වෙලාවට ඇවිත් යන්න බ්ලොග් එක පැත්තේ... ප්‍රතිචාරත් එක්කම @Kukulage Kotuva

    ReplyDelete

ඔබේ අදහසත් ලියා යන්න