මගේ තැන...............................

මගේ තැන...............................

Thursday 1 January 2015

වයසයි මා දැන් ටික ටික වැහැරි යනවා

ඇවිදිනු හිදිනු බෑ පා යුග වෙව්ලනවා
අහු වෙන්නෑ කිසිවක් අත් වෙව්ලනවා
සවිබල නෑ ගතද දැන් වක් වී යනවා
වයසයි මා දැන් ටික ටික වැහැරි යනවා

දිදුලුණු සමත්  ටික ටික ‍රැලි ගැන්වෙනවා
දත් ටික වැටිලා මුහුණත් ටික ටික වැහැරෙනවා
සවිමත් ගතත් දැන් ටික ටික දුබලව යනවා
වයසයි මා දැන් ටික ටික වැහැරි යනවා

හොදහැටි පෙණුනු ඇස් දෙක නොපෙනෙනවා
සවනට වදන් පෙර මෙන් දැන් නො ඇසි යනවා
ගද සුවදවත් පෙර සේ නොදැනි මා දුබලව යනවා
වයසයි මා දැන් වයසින් ටික ටික බැට කනවා

ගත දුබලව ගියත් සවිබල දුබලව යන දාට
සිතනම් සවිමත්ය පෙර දා ඇසු බුදු බණට
වයසින් වැහැරී මරණය මා වෙත ආ දාට
‍රැකගත් බුදු වදන් පමණයි පිළිසරණකට

5 comments:

  1. නිර්මාණය හරිම අගෙයි........ පද ගැලපීම අගෙයි.........

    සුභම සුභ නව වසරක් වේවා................

    ReplyDelete
  2. දිරි ගැන්වීම් වලට බොහොම ස්තුතියි යාලුවනේ....
    ඔබටත් සුබම සුබ නව වසරක් වේවා!

    ReplyDelete
  3. අපූරුයි මචෝ.................
    ලියාපන් දිගටම එංඥං අපිත් දිගටම
    ජයෙන් ජයම වේවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචෝ...!
      එල එල ...

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete

ඔබේ අදහසත් ලියා යන්න