සුවඳ නැත්නම් අවට විහිඳෙන..
අබර ඉඟිලෙන සියොත් කුමටද
ඇසෙන් නැත්තම් විහඟ ගී හඬ...අවට විහිදුණු ඉවුරු කුමටද
පිරී නැත්තම් ගලන දියකඳ...
මෙවන් දිවියක අරුත් කුමටද
ලඟින නැත්නම් පිරුණු සෙනෙහස...
හිතක නළියන හැඟුම් ගුලිකර
කොහේ යන්නද සැඟවිලා...
අරුත පසිදන වදන් අතහැර
කෙලෙස ඉන්නද වෙන්වෙලා...
දෙනෙත් පිනවන දසුන් මඟහැර
කෙලෙස ඉන්නද නෙතුපියා...
සොඳුරු සෙනෙහස ලඟින් වෙන්කර
කොහොම ඉන්නද සැනසිලා....
කඳුළු මතුවෙන නෙතක් කුමටද
දුකක් නැත්තම් හිතේ තෙරපෙන...
සිනහා පිටවෙන මුවක් කුමටදසතුට නැත්නම් සිතක තෙරපෙන...
නිතර යොමුවෙන සවන් කුමටද
රසය නැත්නම් අවට රැව්දෙන...
මෙවන් දිවියක අරුත් කුමටද
ලඟින නැත්නම් පිරුණු සෙනෙහස...