මගේ තැන...............................

මගේ තැන...............................

Monday 22 December 2014

පිරුණා පිරුණා ආදරේ දෙ සිතට

සෙනෙහස පිරි ඔබ ලඟ
උණුසුම දැනි දැනි
හස‍රැල් කදුලැල් මැද
දොඩමලු වුවා මතකද

සියුමැලි අතැඟිලි
සුරතින් අල්වා
නිමක් නැති ආදරයක්
මුල පිරුණා මතකද

නොදැනිම නොදැනිම
අපටත් නොදැනිම
ආදරයක් ඇවිදින්
සිත පිරුණා මතකද

දමා යන්නට බැහැ ඔබ මට
සිතා ගන්නට බැහැ මෙය මට
මෙතරම් ආදරයක්  කොහි සිට
පිරුණා පිරුණා ආදරේ දෙ සිතට

5 comments:

  1. අාදරය කියන්නේ ඔහොම දෙයක් තමයි ගිහාන්..................... අන්තිමට ම අපිටවත් හිතාගන්න බැහැ මේ තරම් අාදරයක් කොහේ තිබ්බා ද කියලා........................ අගේ අැති රචනාවක් ගිහාන්........... දිගට ම ලියමු............ සින්ඩි වලට පුළුවන් තරම් ඒකතු වෙන්න

    ReplyDelete
    Replies
    1. ස්තුතිය් යාලුවේ.මං එකතු වෙන්නම්

      Delete
  2. ගිහාන්.................

    අපි මාතලන්ගේ සින්ඩියටයි, අජිත් කුමාරගේ සින්ඩියටයි ගිහින් කිව්වා ඔබේ බ්ලොගය ඒකතු කරගන්න කියලා.. ඒත් ඔබටත් කියන්න පුළුවන් නම් වැඩේ ඉක්මනට කෙරෙයි.. පහත සදහන් ලින්ක් වලට ගිහින් අඩවිය ඒකතු කිරීම කියන තැනට ගිහින් විස්තර දෙන්න....

    http://maathalangesindiya.blogspot.com/
    http://blogdharshakaya.blogspot.com/

    ඔබ බ්ලොගය ලොකු කාලයක් ලියපු කෙනෙක් නිසා අපිට අවශ්‍යයි ඔබගේ අඩවිය අනික් බ්ලොග් ලියන සහෘදයන් අතරට ද ගෙනියන්න. ඒක ලොකු දිරිගැන්වීමක් වෙනවා නිසැකයි.....

    ReplyDelete
    Replies
    1. මේකත් හොඳ නිර්මාණශීලී රසවින්දනාත්මක බ්ලොග් එකක් වගෙයි.ඔන්න මම ඔබේ ඉල්ලීම ඉටුකරමින් මේ පිටුව සින්ඩියට එකතු කළා. තවත් මේ වගේ අපේ රටේ අයගේ අදහස් කැටි වෙච්ච බ්ලොග් පිටු ගැන විස්තරත් අපට දන්වන්න සින්ඩියට එක් කරන්න.

      Delete
    2. ස්තුතියි යාලුවේ.

      Delete

ඔබේ අදහසත් ලියා යන්න