මගේ තැන...............................

මගේ තැන...............................

Tuesday, 25 February 2014

ඉන්න බලන් සිනා වෙලා....

පෙර කල පිනකින් ලැබු මනුසත් දිවිය
සිත සිත ‍රැකිය යුතුමයි වටිනා මේ දිවිය
කිසි වටිනාකමක් දැන් දැන් නැති හැඩය
පොඩි දේ නිසා නැති කර ගයි සිය දිවිය

වැඩිහිටි තරුණ උගතුන් එක් විය යුතුය
හැම තතු කියා දී දැනුවත් කල යුතුය
වටිනා කමත්,ගෙන යන හැටිත් මේ දිවිය
කියලා දෙන්න දරුවන් හට කල් හරිය

ලොකය තුලට යන විට තබමින් අඩිය
කම්කටොළු එන එක නම් මෙහි හැටිය
ඒවා විසදන්න කලබලයෙන් නම් බැරිය
අදහන දහමටම දරුවන් හුරු කල යුතුය

මව්පිය වරුනේ මේ ගැන අසන්නේ
තර‍ඟෙට දුවන අතරේ මෙය සිතන්නේ
දරුවන් සමග ලෙන්ගතු ඇසුරෙන් නේ
උන් ගැන ඇස් යොමන එකමයි වටින්නේ

මව්පිය සුවද දරුවන් හට හැම කල දනවා
මව්පිය සෙනෙහසම දරුවන් වෙත යොමවා
මව්පිය දුවාදරු බන්ධන ආයෙම තර කරවා
මව්පිය වරුනේ ‍රැකගනු ඔබගේ ඒ දරුවා

මව්පිය සෙනෙහස අඩුවුනොත් ඒ දරුවා
වෙනයම් සෙනහසක් සොයනව ඒ දරුවා
සර්පයෝ ඇතේ දස අතම විසකුරු පුරවා
ඒ ගැන සිතන්නට දැන්නම් කල් යල් ආවා

දොසක් ඇතොත් සමා වෙලා
ටිකක් හොදින් සිතා බලා
ඉන්න බලන් සිනා වෙලා
වෙනස් වෙන්න කල් ආවා

Friday, 21 February 2014

ඔබ විතරමයි ඒ ආදරේ...

මා ඔබ දු‍ටු දා ඉදලා
ආදර සිහිනය මා දකිනා
වෙනසක් වී මා හදේ
සිත යලි යලි ඔබ සොයනා
ඒ ආදරේ....මගේ ආදරේ
ඔබට විතරමයි මේ ආදරේ.....
ඔබට විතරමයි......

මෙතුවක් කල් මා
හදතුල හිරවුනු ආදරේ
ඔබදු‍ටු දා ඉදලා
කුල්මත් වී..ඔබටයි බැදුනේ
ඔබ විතරමයි........ මගේ ආදරේ
ඔබ විතරමයි ඒ ආදරේ

යන යන හැමතැන මා හද ඇදෙනා
ඒ රුව ඔබමයි සොදුරේ
කොහොම කියන්නද මා මෙසේ
ඔබගෙන් තොර ආදරයක් නැ කියලා
ඒ ඔබ විතරමයි මගේ ආදරේ...
ඔබ විතරමයි.......

මොනදේ කලත් කොතනක උනත්
මා හදවතේ ඔබ ඉන්නවා
සැමදා එක ලෙසින්
මා ආදරෙයි...
මගේ ආදරේ....ඔබ විතරමයි..
ඔබ විතරමයි ඒ ආදරේ...

Tuesday, 18 February 2014

කලයුතු යමක් නැත තම තම ගුණවත් වීම හැර

සිත තැන තැනට තාමත් දිව යනවා
එක් තැනකදි එය යලි නවතිනවා
දු‍ටු දසුනකින් මැවි මැවි පෙන්වනවා
සිතුවිල්ලකට මේ හැම එක් වෙනවා

සවනට හඩක් මතුවී ‍රැව්දෙනවා
කී වදනකට යලි යලි සිත්යනවා
රස පහසකින් දිව පිනවෙනවා
ලග නැති වුවත් ලංවී දැනවෙනවා

හැම දේ තුලම ආශාවන් මතුවෙනවා
මම මගේ යැයි හැගුමන් ඇතිවෙනවා
ලං කරගන්න සැම දෙන දත කනවා
නුවණැස හැමගේ මින් වැනසෙනවා

කරනා දෙයක හොද නරකත් නොපෙනෙනවා
නපුරක් හොද ලෙසින් හොද නපුරකට යනවා
පුහුදුන් මොඩයින් මෙහි මුලසුන වැජඹෙනවා
නුවැණැති අයට මොඩයින් ලෙස සලකනවා

ටික ටික වෙනස් වී ලෝකය වැනසෙනවා
වැසි කල ඉරි තලා නියඟය රජවෙනවා
පායන කලට මහා වැස්සට හැම යටවෙනවා
මිනිසුන් නිසා මිනිසත් ගුණ යටයනවා

කලයුතු යමක් නැත තම තම ගුණවත් වීම හැර
බල බල ඉදීමෙන් පල නැත කල් යාම හැර
ටික ටික වුවත් ගුණ දහමට ඉඩ දිම හැර
කාටත් යමක් කල හැකි නැත සැනසීම හැර






Wednesday, 5 February 2014

හසරැල් මවා දුක ඉවසන් උන්නා...

ඔබ ගැන සිත සිතා හිත වද දුන්නේ
ඔබ දකිනා තුරුම නෙත වද දුන්නේ
ලග සිටිනා විටදි සෙනසුම දැනුනේ
හැර ගිය දා පටන් සිහිවි නෙත හැඩුවේ

යලි එන තුරා මෙතුවක් මම උන්නේ
ගෙන ආ ආදර නෑ ලග රැදුනේ
හැරදා මහද ඔබමයි දුර ඇදුනේ
කිසිදා නොඑන ගමනක ඇයි යන්නේ

වෙන්වන සිතින් එක් වුනා නොවේ
ලංවන විටදි නොදැනුනා නොවේ
එකසිත නැතිව පෙම්කලා නොවේ
කොතරම් කලත් අමතක වුනා නොවේ

හැමදේ අහිමි බැව් දැන උන්නා
නොයනා බවක් මා සිත දැනුනා
ගියදා යලිත් ඒ යැයි සිත කිවා
හසරැල් මවා දුක ඉවසන් උන්නා