මගේ තැන...............................

මගේ තැන...............................

Tuesday 25 February 2014

ඉන්න බලන් සිනා වෙලා....

පෙර කල පිනකින් ලැබු මනුසත් දිවිය
සිත සිත ‍රැකිය යුතුමයි වටිනා මේ දිවිය
කිසි වටිනාකමක් දැන් දැන් නැති හැඩය
පොඩි දේ නිසා නැති කර ගයි සිය දිවිය

වැඩිහිටි තරුණ උගතුන් එක් විය යුතුය
හැම තතු කියා දී දැනුවත් කල යුතුය
වටිනා කමත්,ගෙන යන හැටිත් මේ දිවිය
කියලා දෙන්න දරුවන් හට කල් හරිය

ලොකය තුලට යන විට තබමින් අඩිය
කම්කටොළු එන එක නම් මෙහි හැටිය
ඒවා විසදන්න කලබලයෙන් නම් බැරිය
අදහන දහමටම දරුවන් හුරු කල යුතුය

මව්පිය වරුනේ මේ ගැන අසන්නේ
තර‍ඟෙට දුවන අතරේ මෙය සිතන්නේ
දරුවන් සමග ලෙන්ගතු ඇසුරෙන් නේ
උන් ගැන ඇස් යොමන එකමයි වටින්නේ

මව්පිය සුවද දරුවන් හට හැම කල දනවා
මව්පිය සෙනෙහසම දරුවන් වෙත යොමවා
මව්පිය දුවාදරු බන්ධන ආයෙම තර කරවා
මව්පිය වරුනේ ‍රැකගනු ඔබගේ ඒ දරුවා

මව්පිය සෙනෙහස අඩුවුනොත් ඒ දරුවා
වෙනයම් සෙනහසක් සොයනව ඒ දරුවා
සර්පයෝ ඇතේ දස අතම විසකුරු පුරවා
ඒ ගැන සිතන්නට දැන්නම් කල් යල් ආවා

දොසක් ඇතොත් සමා වෙලා
ටිකක් හොදින් සිතා බලා
ඉන්න බලන් සිනා වෙලා
වෙනස් වෙන්න කල් ආවා

1 comment:

ඔබේ අදහසත් ලියා යන්න