වියපත් ගතින්
සවිමත් සිතින්
යනෙනා මගින්
දෙදෙනා ලගින්
දුටුවා දසුන්
බසයෙ ඉදන්
ගේ දොර බලන්
යනවා ඔවුන්
පණ සෙ අපෙ දරුවන් සැදුවා
ඇස් දෙක වගෙ උන් රැකුවා
ලේ ටික කිරි සේ මුව තැබුවා
ලොකුවන තුරා ලඟ හිටියා
ටික ටික ලොකු වෙලා දෙපයින් යනවා
පාසල් ගොසින් ඉගෙනුම ලැබ එනවා
වෙහෙසක් නොම බලා උන් රැකුවා
උන් ජය ගන්න ඒ මග සරි කෙරුවා
හැම ජය ලබා උන් පෙරටම යනවා
අප හැර දමා උන් වෙනතක යනවා
අප තනි වෙලා උන් ගැන සිහිවෙනවා
දරු සෙනෙහසින් හදවත පෑරෙනවා
කල් යල් ගෙවි දරුවන් සිහිපත් වෙනවා
දරුවන් බලන්නට නෙත් දෙක නලියනවා
මතකය ඇවිත් මැවි මැවි උන් දිස්වෙනවා
උන්ගේ වදන් ආයෙත් රැව් පිලිරැව් දෙනවා
වැඩකටයුටතුත් දරුවන් හට බොහොම
උන්ගේ දරුවනුත් දැන් ලොකු මහත
බඩකට රකින්නට ගතයුතු වෙහෙස
අපි යමු බලන්නට සැපදුක් කොහොම
දරුවන් බලා යලි එන්නට හිතට බැරි
අපි හිටියොතින් කරදරයි උන්ට හරි
යමු අපි යලිත් අපගේ පැලට හැරි
ලොව ජයගනිව් දරුවනි සැපත පිරි
බසයෙදි දුටුවා මව්පිය දෙදෙනෙකු වයස
ලග හිදගෙනයි ආවේ නොබලා වෙහෙස
දෙන්නම හිටියේ පිරිලයි සතුටින් මනස
දුටු දෙදෙනා නිසා සිතුනයි මේ වෙනස
Tuesday, 31 December 2013
Saturday, 28 December 2013
සැනසිමේ මග....
හිස පිරි කෙස් වැටිය පසෙකලා
නෑ පිරිසගෙන් ඈතටම වෙලා
කහ වත නෑ කයට බරවෙලා
සුපහන් සිතෙන් යයි සැනසිලා
යන යන තැනක නෑ හිත රැදිලා
ගෙන යන දෙයක් නෑ අත රැදිලා
සිත යන දෙසයි සැනසුම සොයාලා
නැවතුම සොයයි දුකගැන පෙනීලා
හිත බර යොමන රැකගන්න කෙලෙස්
ගත බර නොමැත රැකගන්න කිසිත්
රෙදි පිලි කොහිද සරසන්න කයත්
අරුතින් පමණි ගතවන්නෙ දවස්
තරුණයි කියා නැත කිසි මත් බවක්
ලෙඩ නෑ කියා නැත එය හිතට අරන්
මරණය උරුම බව නිති සිහිය දරන්
වැඩහිද දහම් මග නිරතුරු පුහුණු කරන්
දැකගන සොදින් සැනසිමේ මග
දුක් ගිනි නිවන් සිසිලසේ මග
සැපයම ලබන් සුගතියේ මග
නිති හුරු කරන් සමිදුගේ මග
නෑ පිරිසගෙන් ඈතටම වෙලා

සුපහන් සිතෙන් යයි සැනසිලා
යන යන තැනක නෑ හිත රැදිලා
ගෙන යන දෙයක් නෑ අත රැදිලා
සිත යන දෙසයි සැනසුම සොයාලා
නැවතුම සොයයි දුකගැන පෙනීලා

ගත බර නොමැත රැකගන්න කිසිත්
රෙදි පිලි කොහිද සරසන්න කයත්
අරුතින් පමණි ගතවන්නෙ දවස්
තරුණයි කියා නැත කිසි මත් බවක්
ලෙඩ නෑ කියා නැත එය හිතට අරන්
මරණය උරුම බව නිති සිහිය දරන්
වැඩහිද දහම් මග නිරතුරු පුහුණු කරන්
දැකගන සොදින් සැනසිමේ මග
දුක් ගිනි නිවන් සිසිලසේ මග
සැපයම ලබන් සුගතියේ මග
නිති හුරු කරන් සමිදුගේ මග
Friday, 27 December 2013
සොදුරුයි හුදකලාවම.....

දකිනා ඇසෙන හැමදේ වෙත සිත් වෙනවා
නොබැදෙන් නැති සිතින් දුක් ගෙන එනවා
සිත හැමතැනදි තාමත් මට වද දෙනවා
මතකෙට අතීතය ආපසු එනවා
ආගිය ගමන් මැවි මැවි නලියනවා
සිහිනය ලෙසින් බොදවීගෙන යනවා
සතුටයි දුකයි තරගෙක සිරි ගන්වනවා
දිවියක අරුත යලි යලි සිත් වෙනවා
සැනෙකින් සියල් අමතක වී යනවා
වරදට බැදෙන සිත වලමත් වෙනවා
තනිකම සිතේ රැව් පිළිරැව් දෙනවා
සුන්දර නිහඩ වනයට සිත් යනවා
කදු සිරසකදී තනිකම එක් වෙනවා
සොදුරුයි හුදකලාවම සුව දෙනවා
සිත නැවතිලා හද සුවපත් වෙනවා
Tuesday, 24 December 2013
ගමනක නිම නොවෙයි.....
ගමනක නිම නොවෙයි
නැවතුම් පල මෙයයි
දුකනම් අත ලගයි
සැනසුම බෝ දුරයි
සැපයක් නොම රැදෙයි
දුකනම් නිති ලැබෙයි
සැපදුක මැදි කරන්
දිවියම යා යුතුයි
ඉපදුනු බව සැබැයි
මරනය උරුමයයි
ලෙඩ දුක් සමගමයි
කෙලෙවර තව දුරයි
ජරමර හරි ගොඩයි
කරදර නිම නොවෙයි
බාධක අපමණයි
යා යුතු මග මෙයයි
විටකදි සතුටුවෙයි
කදුලක් දිය කරයි
සිනහව ලග නැවෙයි
තරහව ගොඩ ගැසෙයි
රාගය ගිනිගනියි
තරහෙන් පලිගනියි
මුලාව, වැඩ කරයි
සසරට ගොඩ ගසයි
යලි යලි ගමනෙමයි
නැවතුම කන වැකෙයි
එනමුදු පසෙකලයි
ආයෙත් දුක් විදියි
සබැදුම් මහ ගොඩයි
අත්හල නොහැකිවෙයි
දුකකම යලි රැදෙයි
තේරුම් නොම ගනියි
මිසදුටු වෙත ඇදෙයි
රැදි රැදි පැටලවෙයි
දහමට නොම වැටෙයි
කරුමය රැස් කරයි
දහමම සැකකරයි
මත තුල ගැට ගැසෙයි
නිසිමග අත හරියි
සතරට යලි වැටෙයි
බුදුහිමි දැක සොදින්
බුදුබණ සිත දරන්
මග ගෙන පියවරෙන්
පිරිසට එක් වෙයන්
නැවතුම් පල මෙයයි
දුකනම් අත ලගයි
සැනසුම බෝ දුරයි
සැපයක් නොම රැදෙයි
දුකනම් නිති ලැබෙයි
සැපදුක මැදි කරන්
දිවියම යා යුතුයි
ඉපදුනු බව සැබැයි
මරනය උරුමයයි
ලෙඩ දුක් සමගමයි
කෙලෙවර තව දුරයි
ජරමර හරි ගොඩයි
කරදර නිම නොවෙයි
බාධක අපමණයි
යා යුතු මග මෙයයි
විටකදි සතුටුවෙයි
කදුලක් දිය කරයි
සිනහව ලග නැවෙයි
තරහව ගොඩ ගැසෙයි
රාගය ගිනිගනියි
තරහෙන් පලිගනියි
මුලාව, වැඩ කරයි
සසරට ගොඩ ගසයි
යලි යලි ගමනෙමයි
නැවතුම කන වැකෙයි
එනමුදු පසෙකලයි
ආයෙත් දුක් විදියි
සබැදුම් මහ ගොඩයි
අත්හල නොහැකිවෙයි
දුකකම යලි රැදෙයි
තේරුම් නොම ගනියි
මිසදුටු වෙත ඇදෙයි
රැදි රැදි පැටලවෙයි
දහමට නොම වැටෙයි
කරුමය රැස් කරයි
දහමම සැකකරයි
මත තුල ගැට ගැසෙයි
නිසිමග අත හරියි
සතරට යලි වැටෙයි
බුදුහිමි දැක සොදින්
බුදුබණ සිත දරන්
මග ගෙන පියවරෙන්
පිරිසට එක් වෙයන්
Wednesday, 18 December 2013
නුඹ
ගලපන පද දහසක
නොගැලපුන පදයකි නුඹ
පිපිදෙන මල් සහසක
නොපිපුන මල නුඹ
රෑ අහසෙ තරු දහසක්
නැති තරුවයි නුඹ
දුටු සුන්දර හැම සිහිනෙම
නොදුටුව සිහිනය නුඹ
ගී ගයනා සියොතුන් මැද
නිහඩව සිටියා නුඹ
පා තබනා ගමන් මගේ
නොගිය මගයි නුඹ
අරුත්බරම කවි සහසක
අරුතක් නැති කවියයි නුඹ
පතනා පැතුමන් තුල
නොපැතු පැතුම නුඹ
හිමිවෙන නෙත් දහසක් තුල
හිමිනොවෙනා නෙත් යුගලයි නුඹ
නොගැලපුන පදයකි නුඹ
පිපිදෙන මල් සහසක
නොපිපුන මල නුඹ
රෑ අහසෙ තරු දහසක්
නැති තරුවයි නුඹ
දුටු සුන්දර හැම සිහිනෙම
නොදුටුව සිහිනය නුඹ
ගී ගයනා සියොතුන් මැද
නිහඩව සිටියා නුඹ
පා තබනා ගමන් මගේ
නොගිය මගයි නුඹ
අරුත්බරම කවි සහසක
අරුතක් නැති කවියයි නුඹ
පතනා පැතුමන් තුල
නොපැතු පැතුම නුඹ
හිමිවෙන නෙත් දහසක් තුල
හිමිනොවෙනා නෙත් යුගලයි නුඹ
Saturday, 14 December 2013
නුඹ හඩන හැමදාම
නුඹ හඩන හැමදාම - මම හිටියා සනසන්න
මගේ වෙන්න හැමදාම - නුඹ පැතුවා මතකයිද
පපුතුරුලේ ගුලිගැහිලා - හිටි කාලේ අමතකද
හැර දමා එ සිහින - නුඹ යන්නෙ සතුටින්ද
අත්වැල් අරන් යන්න - පැතු පැතුම් මතකයිද
තුරුලේම ගුලිවෙන්න - කී ඔබම වෙන්වෙයිද
දුරයන්න බෑ කිව - හටි තාම මතකයිද
ඒ සිහින කිසිදාක - එළිවෙන්නෙ නැතිවෙයිද
ලං ලංව ඉමු කීවේ ඇයි එහෙම
දුරයන්න හිත හැදුනෙ නුඹ කොහොම
ඒ මතක වලලන්නෙ මම කොහොම
ඒ සිහින හැරලන්නෙ ඇයි මෙහෙම
මගේ වෙන්න හැමදාම - නුඹ පැතුවා මතකයිද
පපුතුරුලේ ගුලිගැහිලා - හිටි කාලේ අමතකද
හැර දමා එ සිහින - නුඹ යන්නෙ සතුටින්ද
අත්වැල් අරන් යන්න - පැතු පැතුම් මතකයිද
තුරුලේම ගුලිවෙන්න - කී ඔබම වෙන්වෙයිද
දුරයන්න බෑ කිව - හටි තාම මතකයිද
ඒ සිහින කිසිදාක - එළිවෙන්නෙ නැතිවෙයිද
ලං ලංව ඉමු කීවේ ඇයි එහෙම
දුරයන්න හිත හැදුනෙ නුඹ කොහොම
ඒ මතක වලලන්නෙ මම කොහොම
ඒ සිහින හැරලන්නෙ ඇයි මෙහෙම
Subscribe to:
Posts (Atom)