මගේ තැන...............................

මගේ තැන...............................

Wednesday 18 December 2013

නුඹ

ගලපන පද දහසක
නොගැලපුන පදයකි නුඹ
පිපිදෙන මල් සහසක
නොපිපුන මල නුඹ
රෑ අහසෙ තරු දහසක්
නැති තරුවයි නුඹ
දු‍ටු සුන්දර හැම සිහිනෙම
නොදු‍ටුව සිහිනය නුඹ
ගී ගයනා සියොතුන් මැද
නිහඩව සිටියා නුඹ
පා තබනා ගමන් මගේ
නොගිය මගයි නුඹ
අරුත්බරම කවි සහසක
අරුතක් නැති කවියයි නුඹ
පතනා පැතුමන් තුල
නොපැතු පැතුම නුඹ
හිමිවෙන නෙත් දහසක් තුල
හිමිනොවෙනා නෙත් යුගලයි නුඹ

3 comments:

  1. කවුරුත් කමෙන්ට් කරලා නැත්ද ?
    සුභ පතනවා ..
    අරුත්බරම කවි ලියන්නට..

    ReplyDelete
  2. මාරයි කවි සෙට් එක.

    ReplyDelete
  3. ස්තුතියි දෙදෙනාටම....

    ReplyDelete

ඔබේ අදහසත් ලියා යන්න