මගේ තැන...............................

මගේ තැන...............................

Wednesday 20 November 2013

මහා සෑය වැන්දෙමි....

සම්බුදු සමිදු ගුණ කඳ සිහිවෙන්නයි
සම්බුදු සමිදු දෙසු දම් කඳ සිහිකරගන්නයි
සම්බුදු පිරිස දිවියට ලංකරගන්නයි
තෙරුවන් සරණ හැමහට පිහිටන්නයි

පිරිනිවන් වැඩි අප මුනි සඳ සිහිවෙන්නයි
ගැමුණු නිරිඳු කල මහා සෑය වදින්නයි
ජය සිරි මහා බෝධිය දැකගන්නයි
උතුම් ධාතු වැඳ පින් කරගන්නයි

පිරිනිවනට වැඩි අප මුනිඳුගේ ධාතූ
රාම ගමේ සැ බඳ වැඩ සිටියේ ධාතූ
නා ලොව නා පිරිවර පිදුවේ ධාතූ
අපිත් වදිමු ද්‍රෝණකි මුනිඳුගෙ ධාතූ

සොනුත්තර රහත් තෙරඳු වැඩමෙවූ ධාතූ
ගැමුණු නිරිඳු කල සෑ බඳ වැඩසිටිනා ධාතූ
සිරිලක් රජයෙන් පුදලැබුවා ද්‍රෝණකි ධාතූ
අපිත් වදිමු ද්‍රෝණකි ගෞතම මුනිඳුගෙ ධාතූ

ස්වර්ණමාලි මහ සෑයේ සුවසේ වැඩ සිටිනා
ගෞතම මුනි ධාතු ද්‍රෝණකි එහි වැඩ සිටිනා
සිරිලක් මැණිගේ හඳවත වී මෙහි වැඩ සිටිනා
සාදු සාදු අපිත් වදිමු හඳ බැති ගෙන සොදිනා


No comments:

Post a Comment

ඔබේ අදහසත් ලියා යන්න