කරුණා ගුණැති හද මඩලක් දැරුවානේ
සත් හට දුකට එක පිළිසරණයි සමිදානේ
තුන් ලොව දිනා ජයගත් මගේ බුදු පියානේ
එක් කර දෑත වැද වැටෙම් සම්බුදු රජානේ
දුක් විදි සසර ගමනට සැප දී හද නිවන
සම්බුදු සමිද විමසුව හිදිමින් බෝ සෙවන
සැම සත වෙතට ගත හැක විමසා නුවණ
සම්බුදු දහම නමදිමි හඳ සැනසුම ගෙනෙන
බව දුක සිහි කරන් සසරට හිත කළකිරුණා
සසරෙහි ගමන නවතන්නට හිත තුල රැදුනා
සම්බුදු සමිදු දෙසු මගසොදුරුව නිරතුරු වඩිනා
සිහිකර වදිම් ඒ උත්තම සම්බුදු සඟ රුවනා
වෙසක් දිනේ එදා ලුම්බිණි නම් සල් උයනේ
සොදුරුව තිබුනු ලස්සන සල් ගස් සෙවනේ
මිහිමත සිටි උත්තම මව් තුමියගෙ කුසිනේ
ලොවට උතුම් පුත් රුවනයි ලොකෙට පහල උනේ
විසි නව වසරක් ගෙවමින් යුව රජෙකු ලෙසින්
සැප සම්පත් දැසි දස්සන් පිරි නොයෙක් ලෙසින්
කිසියම් දෙයක් සැඟවී ඇත සිතුවා දහස් වරින්
සොයා ගන්න මග සොයමින් ගත වී දවස් ගණන්
උයන කරා යන එනකොට යොවුන් කුමරු
මග දෙස බලමින් නෙත හෙලුවා සොදුරු
දුටුවෙ ලෙඩකි විදිනා දුක මහමග වැතිරු
අපිටත් මෙහෙම වෙනවානේ සිතුවා කුමරු
තව දිනයකදි යන විට සමගින් චන්නය ඇමති
දිවියක අරුත ගැන සිතමින් නිති සිත පැවති
වයසට ගොසින් සිටිනා කෙනෙකි වාරුව නැවති
මහලුව විදින දුක ගැන කුමරුන් යලි යලි සිතති
ආයෙත් දිනක යන විටදි උයන කරා නෙක සිරි පිරුණු
මගසිරි බල බල වට පිට වෙත යොමුවී නෙත තියුණු
සිව් දෙනෙකුගෙ කරපිට යන මිනියකි දිවි අවසන් කෙරුණු
අපටත් එනවානේ මරණය නෑ ගැලවිලක් අප ලැබුණු
මේ දුක් පිරුණු දිවි ගැන කුමරා නිති සිතමින්නේ
නැවතක් දිනක කුමරා රජ උයනට පිවිසෙන්නේ
සන්සුන් ගමනකින් වඩිනා රුව නෙත දකිමින්නේ
මේ හැම දුකම නිවනා මග සෙවිමට හිත යන්නේ
දිනයක කුමරු උයනට ගොස් මේ හැම සිතමින්න
සිටියා පසෙක වී කොහොමද මේ දුක් නිමවන්න
රජගෙහි සේවකයා ආවේ කුමරුට පණිවිඩ දෙන්න
ඉපදි තිබේ යුවරජුනේ, ඔබහට පුත් රුවනක් ඔන්න
ඉපදි තිබේ මා හට පුතෙක්, වී ගෙන රාහුලයෙක්
යන්නට තිබෙන ගමනට වී ගෙන බාදකයක්
ඇතිවි තිබේ දිවියට තව තව අලවා බැදීමක්
හැර යා යුතුව මෙය, සොයනට ගමනේ නිමාවක්
No comments:
Post a Comment
ඔබේ අදහසත් ලියා යන්න